(යොහාන් භාසුර)
ආනයනික කිරිපිටි මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනික සමාගමක් පියවර ගෙන තිබේ.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,240ක් දක්වා ඉහළ දමා ඇති බවත් මිල ඉහළ දැමූ කිරිපිටි පැකට් මේ වන විටත් වෙලෙඳපොලේ ඇති බවත් කිරිපිටි සමාගමක උසස් නිලධාරියෙක් පැවසීය.
කිරිපිටි ආනයනික සමාගම් රැසක පසුගිය මාසයක පමණ කාලය තුළ තොග නොතිබුණු බවත් එම කාලය තුළ තොග පැවැති සමාගම් මෙම ඉහළ දැමීම ක්‍රියාත්මක කළ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
දේශීය කිරිපිටි නිෂ්පාදකයන් ද මීට සති දෙකකට පමණ පෙර ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125 කින් ඉහළ දැමූ අතර එම කිරිපිටි පැකට්ටුවක වර්තමාන මිල රුපියල් 1,150 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කිරිපිටි බීල හමාරයි. ආදායමත් එක්ක බලනවිට කිරිපිටි ගන්නවා තබා හිතාගන්නවත් බෑ. කිරිපිටි දැන්වීම් බලල ඒ අය කිරිපිට් බොන විදිය බලල හිත හදාගන්න බලමු.