( මහින්ද නිශ්ශංක)
ආනයනික අර්තාපල් සදහා පනවා ඇති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද ඉදිරි මාස 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කරතිබේ .
මේ අනුව පෙරේදා (8) සිට මෙම ආනයන බද්ද ඉදිරි මාස හතරක කාලයක් සදහා බලපැවැත්වේ.
දැනට ආනයන අර්තාපල් කිලෝවක් සදහා රුපියල් 50 ක බද්දක් රජය මඟින් අයකරන බව ආනයනයකරුවෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බද්ද රුපියල් පනහයි සිල්ලර කිලෝවක් දෙසීයයි, ලංකා අල කිලෝවක් රුපියල් තුන් සියයයි... එතකොට නැව් කුලිය රට තුළ ප්‍රවාහනය තොග හා සිල්ලර වෙළෙන්දා ලබන ලාභය කුණුවෙලා ගොඩවල් ගසා ඉවත්කරන ඒවා සඳහා පාඩුව බැලුවාම එහෙන් නිකම්ම ගෙනාවත් දෙන්නේ කොහොමද? රට අල එහෙම මිල අඩුයි. ලංකාවේ අල ඉතාමත් රසයි... තමා මේ මිල මෙහෙම වෙන්නේ කොහොමද?
ඵලක් නෑ. දේශීය අර්තාපල් මිල ඉහළ වැඩියි. සාමාන්‍ය ජනතාවට කන්න ඒ මිල ඉහළ වැඩියි. 360-390 වගේ මිලක්... ආනයනය කළ අල 180-200 අතර බදු ගෙව්වාට පසුවත්. ඒ කියන්නේ ඉන්දියාව අල කිලෝව රු.100ට අඩුවෙන් අපනයනය කරන බව... නිෂ්පාදන වියදම කොතරම් අඩුද? අපේ අල මෙතරම්ම මිල ඇයි? මුදල් නාස්ති නොකර දේශිය අල වගාව නවත්තන්න.