
(රෝෂන් තුෂාර)
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ආනන්ද සාගර මහතාට විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුස විතාන මහතා අද (10) නිකුත් කළේය.
සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු කන්ටේනර් 315ක් පාකිස්ථානයෙන් ආනයනය කර රජයට රුපියල් කෝටි දොළහක (121864655.00) වංචාවක් සිදු කලේ යැයි පවසමින් කොළඹ අපරාධ කොට්ඨාසය ගොනුකළ ඇති පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ගොනු කරමින් සඳහන් කර සිටියේ හිටපු සභාපතිවරයා විමර්ශන සම්බන්ධයෙන් සහයෝගයක් නොදක්වන බැවින් ඔහු සැකකරුවකු ලෙස නම් කරන බවය.සැකකරු විදේශගත වුවහොත් විමර්ශනයන්ට බාධා විය හැකි බැවින් විදෙස් ගමන් තහනමක් පන වන ලෙසද ඉල්ලා සිටියේය.
අදාළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවීමට නියෝග කළේය.අදාල නියෝගය ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කරන ලෙසටද දන්වා සිටියේය.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත අබ්දුල් කාදර් මොහොමඩ් හම්සා නමැති සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් එකල අතර සැකකරු ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ටියුලිප් ඇග්‍රො හෝල්ඩින් සමාගම කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය සිදුකරන අතර බඩ ඉරුගු කිලෝවකින් රජයට ගෙවිය යුතු රුපියල් තුනක මුදල් නොපියවා පාඩු කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනතේ 8(1)වගන්තිය යටතේ පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර ඇත.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ජනවාරි 27 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආනන්ද සාගරට විදෙස් ගමන් තහනමක්
ravin Friday, 10 October 2025 06:16 PM
ආනන්ද සාගරයේ බොර දියේ බිලී බෑවේ... අනන්ත බාධක මැද සුවසේ යන්නයි හිතුවේ...
මංබයියා Friday, 10 October 2025 07:20 PM
ඕවා හොයන අයට බොරු චෝදනා කරමු. එතකොට අපේ හොර වහගන්න පුළුවන්...