(අංජුල මහික වීරරත්න)
ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී අද(9)පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ 1996 වසරේදී ජීනිවාහි ආදිවාසී සමුළුවට සහභාගී වීමත් සමඟ ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ කතිකාව ආරම්භ කෙරුණු අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය 1999 වසරේදී කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විණි.
මෙවරද විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එක්ව ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය විචිත්‍රවත් අයුරින් සංවිධානය කර තිබු අතර, සාමය සහ සෞභාග්‍යය සඳහා ආශිර්වාද කෙරෙන සාම්ප්‍රදායික කිරි කොරහා චාරිත්‍රය ඉටු කිරීම ඇතුළු ආදිවාසී ජනතාවට ආවේණික විවිධ සංස්කෘතිකාංග රැසකින් මෙම අවස්ථාව වර්ණවත් විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හිටපු ආදිවාසී නායක ඌරුවරිගේ තිසාහාමි ඇත්තන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමත් සමඟ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර කෞතුකාගාර මැද මිදුලේ සුදු හඳුන් පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත ආදිවාසී ජනතාවගේ ගැටළු ඇතුළත් සංදේශයක් භාර දෙනු ලැබූ අතර සමරු ඵලකයක්ද පිළිගැන්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්ද ආදිවාසී නායකයා වෙත තිළිණයක් පිළිගන්වනු ලැබීය.
ආදිවාසී ප්‍රජාවගේ නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවි කිරීම සඳහා කුටි ඉදිකිරීම ඇරඹීම සහ පාරම්පරික දැනුම සහ දේශීය සම්පත් උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදිවාසී ඔසු සබන් “කයිරි” එළිදැක්වීමත්, ආයුර්වේද සබන් නිෂ්පාදන පුහුණු වැඩසටහන අවසන් කළ ආදිවාසී කාන්තාවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමත් මීට සමගාමීව සිදු කෙරිණි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීහු, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වෝල්ෂ් මහතා ඇතුළු කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු සහ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ආදිවාසී දිනය මහ ඉහළින් සමරයි