
(අංජුල මහික වීරරත්න)
ගොවි ගැටලු ගැන, ස්ථාවර වී මිල ගැන විපක්ෂ නායකවරයාට ප්‍රශ්න කරන්නට ආණ්ඩුවෙන් වාරණයක් පනවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පරිසර ස්වාභාවික සම්පත් කෘෂිකර්මාන්තය හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස් වූ අවස්ථාවේ දී වී මිලදී ගැනීම හා රටේ සහල් අවශ්‍යතාව ගැන සාකච්ඡා කිරීමට නියමිතව තිබු නමුත්
විපක්ෂ නායකවරයාට එම අදහස් පළ කිරීමට නොහැකි බව එම කාරක සභා සභාපති හෙක්ටර් අප්පුහාමි මහතාට රජය දැනුම් දී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කීවේ එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
අවස්ථා ගණනාවකදී මේ කාරක සභාවට එක්වූයේ පෞද්ගලික ප්‍රශ්නවලට විසඳුම් ගන්නට තමා නොව ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට බවත්
එම ගැටලු ගැන පාර්ලිමේන්තුවේ රීති උපයෝගී කර ගෙන විපක්ෂයේ කටවල් වසා තැබීමට වත්මන් රජයේ මන්ත්‍රීවරුන් ගන්නා උත්සාහය පහත් ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි බවත් නායකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයානේ කියන්නේ
මේ විපක්ෂ නායකයාට ඕන ගොවියන්ට උදව් කරන්නවත්, ගොවිතැන නගා සිටුවන්නවත් නෙමෙයි, මෙයාට ඕන මොන වැඩේ කරලා හරි බලයට එන්න, ඊයේ පෙරේදා ලොකු කලබගැනියක් කළා පාර්ලිමේන්තුවේ, මෙයා මුණ ගැහෙන්න ගොවි මහත්තුරු පිරිසකට පාර්ලිමේන්තුවට එන්න ඉඩ දෙන්නැහැ කියලා... පසුව ඒ පිරිස ආවා... හැබැයි ඒ කිහිප දෙනා කියපු කතා ඇහුවම හිනායනවා... එක්කෙනෙක් කිව්වා සජිත් බලේට ගේනවා කියලා මෙරට සිංගප්පූරුවක් කරන්න. ඔන්න එයාගෙ ගොවියන්ගෙ තරම, සජිත් කතානොකරන තරමට රටට වාසියි..
විපත්ති නායකයා කියන්නේ මොනවද කියලා එයාවත් දන්නේ නැහැ. විහිලු කතා කියලා පාර්ලිමේන්තුවේ කාලේ කන එකනේ කරන්නේ?