(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍යයට හානි කරන, දූෂණ කරන, උනන්දුවෙන් වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරන්න ආණ්ඩුවට උවමනාවක් නැතැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අලුත් ආණ්ඩුව ආවට පස්සේ රාජ්‍ය සේවකයන්ට කොපමණ වටිනාකමක් ලබා දීලා තිබෙනවාදැයි ඔවුන්ගෙන් ගිහින් අහන්න.
රාජ්‍ය සේවකයෝ ඉස්සර මේගොල්ල කියපු පදයට නටල තමයි අද හිරේ යන්නේ.අද රාජ්‍ය සේවකයන්ගේ දැනුම සහ තොරතුරු අරගෙන ඉතා වෘත්තීමය අයුරින් ඔවුන් සමග අප ගණුදෙනු කරනවා.මේ කලින් ආණ්ඩුවල අයට රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩි කරගන්න බැරි වුණා.
නිවැරදිව බුද්ධිමත්ව නීතියට වැඩ කරන රාජ්‍ය සේවකයා අප ආරක්ෂා කරනවා.රාජ්‍යයට හානි කරන දූෂණ කරන උනන්දුවෙන් වැඩ නොකරන රාජ්‍ය සේවකයා ආරක්ෂා කරන්න අපට උවමනාවක් නැහැ.එය පැහැදිලිවම කිව යුතුයි.දේශපාලනයෙන් තොරව රාජ්‍ය ගෙනයාම ගැන වසර පහ වන විට අප ක්‍රියාවෙන් පෙන්වනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වෙලාවේ සියලු රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්දය දුන්නෙත් ඔබලාට නේද?