
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයකු තෝරාපත් කරගැනීම දින නියමයක් නොමැතිව දෙවැනිවතාවටත් කල් දැමීමට වයඹ පළාත් පාලන කොමසාරිස් සංජීවනි හේරත් මහත්මිය කටයුතු කළාය.
මැතිවරණයෙන් ජයගත් ජාතික ජනබලවේගය මන්ත්‍රිවරු නව සභාපතිවරයකු තෝරාපත් කර ගැනීමට රහස් ඡන්දයක් ඉල්ලීමත් සමග පොදු විපක්ෂයේ මන්ත්‍රිවරු ඊට විරෝධය පා කෑ කෝ ගසමින් සභාවෙන් පිටව ගියහ.
පළාත්පාලන මැතිවරණයෙන් ආණමඩුව ප්‍රාදේශීය සභාව ජාතික ජනබලවේගය දිනාගත්තද එක් පක්ෂයක්වත් සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් එකදු පක්ෂයක් ලබා නොගැනීම නිසා නව සභාපතිවරයකු තෝරාපත් කරගැනීම වයඹ පළාත් පාලන කොමසාරිස් සංජීවනි හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඡන්දය පැවත්වීමට කටයුතු කර තිබුණි.
සභාව අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.


2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආණමඩුව සභාව යළිත් අද රත් වේ
සෙනෙවිරත්න Tuesday, 15 July 2025 03:33 PM
උසාවිය තීරණය කලේ පළාත් පාලන කොමසාරිස්වරයාගේ අභිමතය පරිදි කටයුතු කළ හැකි බවට
Nishan Thursday, 17 July 2025 05:12 AM
උසාවි තීන්දුව විවේචනය කරන්නේ නෑ. ඒත් මාලිමා ආණ්ඩුව කඩිමුඩියේ උසාවියට පත් කරපු අළුත් නඩු කාරයන්ගේ ස්වාධීනත්වය ගැන සැකයි. ඡන්දය දුන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පළාත් පාලන කොමසාරිස්වරියගේ පුද්ගලික අභිමතයට පාවා දිය යුතු නෑ. ඡන්දය දුන් ජනතාවගේ අභිමතය ප්‍රකාශ වෙන්නේ පළාත් පාලන කොමසාරිස්වරියගෙන් නෙවෙයි ඔවුන්ගේ ඡන්දෙන් පත් උනු මන්ත්‍රිලාගෙන්. ඔවුනුයි ජනතා නියෝජිතයෝ. ඔවුන්ගේ බහුතරයක් රහස් ඡන්දයක් ඉල්ලනවා නම් එයයි ජනතා නියෝජන ය.