IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා

(නිමල කොඩිතුවක්කු)

රටේ බංකොලොත් භාවයත් ආර්ථික කඩා වැටීමටත් මුවා වී ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ජනාධිපතිවරයා ඇතුළු රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී අද (6) ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණු හතර වන විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ මාධ්‍ය රජය මේ වෙනවිට විධායක බලයත් ඒකාධිපතිත්වයත් තුළින් විනාශ කරමින් සිටින බවත් මහලේකම්වරයා පැවසීය.

මැතිවරණ කල් දමමින්, අධිකරණ නියෝග කඩකරමින්, පාර්ලිමේන්තුවට කන් නොදෙන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අලුත්ම සෙල්ලම මාධ්‍ය පාලනය බවට පත්ව ඇතැයිද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.



අදහස් (3)

ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා

Bamunuarachchi Tuesday, 06 June 2023 10:13 PM

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ හැකියාවක්‌ ප්‍රජාතන්ත්‍රවාදයට නැහැ. ජෙප්පෝ මේ රට කොමියුනිස්ට් කරන්න හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙන් බලයට ඇවිත්. රට කොමියුනිස්ට් වුණාම කාටවත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. එමනිසා ප්‍රජාතන්ත්‍ර වාදයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට තිබෙන හැකියාව වසා දැමිය යුතුයි...

:       0       2

Demuni Uduwara Wednesday, 07 June 2023 04:47 AM

අපි චෝදනා කරන්නේ පොහොට්ටුවට නෙවෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට.

:       0       2

රංජිත් තිලකරත්න Wednesday, 07 June 2023 05:54 AM

කතාව රංජිත් මද්දුම බණ්ඩාරගෙ වුනත් ඡායාරූපය රංජිත් සියඹලාපිටිය මුදල් රාජ්‍ය ඇමතිගෙ නිසා මොනවා වෙන්න පුලුවන්ද

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site