IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ජිනීවා හී විරෝධයක්

(ෂමින් පණ්ඩිතරත්න - ජිනීවා නුවර සිට )

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව  ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් හා සත්‍යගහයක් සංවිධානය කර තිබිණි.

මර්දනය නවතනු,  අරගලයට අත නොතබනු, අරගලයේ ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු,   විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු,  අරගලයට පහරදුන් මැරයන් අත්අඩංගුවට ගනු,  ලංකාවේ ආණ්ඩුවේ අත්තනෝමතික මර්දනයට එරෙහි වෙමු ආදි සටන්පාඨ පුවරු රැගත් යුරෝපයේ වෙසෙන  විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.

මේ සඳහා  නීතිඥ නුවන් බෝපගේ මහතා හා සමාජ ක්‍රියාකාරි ෂෙහාන් මාලක ද සහභාගි වූහ.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ආරම්භ වූ දින ජිනීවා පිහිටි එම කාර්යාලය ඉදිරිපිට  සත්‍යගහයක් ද පැවැත්විණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකු සඳහා රැඳවුම් නියෝග (DO) නිකුත් කිරීම,සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම, පැහැරගැනීම්, සිරගත කිරීම් සහ බිය ගැන්වීම් පිළිබඳ ශ්‍රී ලංකා රජයට චෝදනා කරන වගන්ති 31 න් යුත් වාර්තාවක්  නීතිඥ නුවන් බෝපගේ මහතා විසින් බාරදීමට නියමිතව ඇත.

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව යුරෝපයේ වෙසෙන ලාංකිකයන්  ස්ට්‍රාස්බර්ග් පිහිටි යුරෝපීය පාර්ලිමේන්තුව ඉදිරිපිටද ඉදිිරියේදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුුතු කරන බව මෙහි සංවිධානයෙක් පැවසීය.



අදහස් (6)

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ජිනීවා හී විරෝධයක්

Perera Wednesday, 14 September 2022 12:26 AM

අර කුසලාන දිනාගත්තු අයත් මේවාට සහභාගි විය යුතුයි. නැතිනම් වැඩක් නැත..

:       0       3

Perera Wednesday, 14 September 2022 04:25 AM

දේශබන්දුවයි, පොලිසියේ රැළකුයි ජිනීවා යවලා මොවුන් සේරමත් අල්ලලා PTA එක යටතේ හිර කරන්න බැරිද?

:       4       2

fairoosWednesday, 14 September 2022 02:02 PM

රටට මෙචර වෙලත් තාමත් කඩෙ යන එක නවත්ල නැහැ

:       0       1

RajaWednesday, 14 September 2022 04:02 PM

ආසා ඇති යන්න තියෙන්ංන

:       0       0

රවි Wednesday, 14 September 2022 07:44 AM

දැවැන්ත උද්ඝෝෂණයක්?.. බැනර් 3යි නේ...!!!

:       10       2

සෙනෙවිරත්න Wednesday, 14 September 2022 05:36 PM

මෙහෙ වගේ ලාංකිකයන් එහේ නැහැ. ඉන්න අය එන්න ඇති. ඔලුගෙඩි වලින් දේවල් මනින්න එපා. මැටි විතරක් තිබෙන ඔලුගෙඩි කොපමණ තිබුණත් රටට වැඩක් නැහැ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site