IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


‘‘ආණ්ඩුව බොරු ත්‍රස්ත බියක් ඇතිකර ජනතාව නොමඟ යවන්න හදනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

‘‘යාපනය නගරාධිපතිවරයා ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගසමින් ඊට මුවාවී ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීමේ කටයුත්ත යට ගැසීමේ උත්සාහයක නිරතව සිටින බව’’ සමගි ජන බලවේගය නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

‘‘වෙනත් ගෝනි බිල්ලන් නිර්මාණය කරමින් බොරු ත්‍රස්ත බියක් රටේ ඇති කරමින් ජනතාව නොමග නොයවා පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනැවිති ඒ අයට දඬුවම් දෙන්නැයි’’ද විපක්ෂනායකවරයා වැඩිදුරටත් ඉල්ලීය.

‘‘යාපනය නගරාධිපති අත්අඩංගුවට ගැනීම වැනි සිදුවීම් හරහා සැබෑ ප්‍රශ්න යට ගසමින් නැති ප්‍රශ්න ඉස්මතු කර එදා වේල දේශපාලනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුව කැඳවමින් ඔහු පැවසීය.

සමගි ජනබලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

‘‘යාපනය නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය මා දකින්නේ ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කරන ආණ්ඩුව ගත් ක්‍රියාවලියක් ලෙසයි. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් වර්තමාන රජය එළිදරව් කරන තෙක් මුළු රටම බලා ගෙන හිටියා. පාස්කු ප්‍රහාරය වින්දිතයන් ඇතුළු රටේ සමස්ත ජනතාව හිතුවේ මේ ආණ්ඩුව යටතේ තමන්ට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලයි.

යාපනය නගරාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා නම් ඒවා විමර්ශනය කරන්න යම් යම් ක්‍රමවේද තිබෙනවා. පළාත් පාලන අමාත්‍යාංශය මගින් හෝ වෙනත් ක්‍රමවේද තුළින් හෝ ඒ ගැන විමර්ශන කළ හැකියි. යාපනය නගර සභාවේ නිලධාරීන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් වෙනමම පරීක්ෂණයක් කරන්නත් ආණ්ඩුවට ඉඩ ප්‍රස්ථාව තිබුණා.

ඒත් ආණ්ඩුව අනුගමනය කර තිබෙන ක්‍රියාදාමය දිහා බලපුවහම යාපනය නගරාධිපතිවරයා හරියට හඳුන්වන්නේ ත්‍රස්තවාදියකු හැටියටයි. ආණ්ඩුවේ ඒ උත්සාහය මා ප්‍රතික්ෂේප කරනවා.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්, ප්‍රධාන අපරාධකරුවන් තවමත් එළිදරව් නොවුණු තත්ත්වය පිළිබඳව ජනතාව මේ ආණ්ඩුව ගැන විමතියට පත් වෙලා. පාස්කු ප්‍රහාර දින අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු අද හිටි හැටියේම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හැටියට හඳුන්වන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.

ජනතාවට තවදුරටත් බොරු කරන්න එපා යාපනය නගරාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව වෙනමම අමාත්‍යාංශ මට්ටමේ පරීක්ෂණය කළ යුතුයි. ඒ පිළිබඳ කටයුතු කරන්න කියලත් අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. නිලධාරීන්ගේ නිල ඇඳුම ප්‍රශ්නයක් නම් මේ රටේ වෙනත් නගර සභාවල නිල ඇඳුම් එක්ක මේ පිළිබඳ යම් සංසන්ධනාත්මක ආකාරයට බලා ඒ නිල ඇඳුම්වලත් වැරදි තිබෙනවද කියන එක සොයා බැලුවොත් හොඳයි කියන එකත් මා රජයට යෝජනා කරන්න කැමතියි.

බොරු විගඩම්, බොරු දේශපාලන නාඩගම් ක්‍රියාත්මක කරනවා වෙනුවට, අලුත් ගෝනි බිල්ලන්, ත්‍රස්ත බිල්ලන් නිර්මාණය කරනවා වෙනුවට ජනතාව වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉෂ්ට කරන්න කියා අප ආණ්ඩුවට මතක් කරනවා. පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් රටට නිවේදනය කළ යුතුයි.

ඒ වෙනුවට බේරුවට නිර්මාණය කළ මහ මොළකරුවන් එක් එක් නම් විටින් විට එළියට දාලා ජනාතව මෝඩයන් කොට්ඨාශය විදියට ගණන් ගන්නේ නැතුව, ජනතාවට බොරු සපයන්නේ නැතිව සැබෑ ත්‍රස්තයන් නීතිය හමුවට ගෙනැල්ලා දඬුවම් පමුණුවන්න.’’

 



අදහස් (3)

‘‘ආණ්ඩුව බොරු ත්‍රස්ත බියක් ඇතිකර ජනතාව නොමඟ යවන්න හදනවා‘‘

Gihan Monday, 12 April 2021 10:17 AM

එහෙනම් යහපාලනය කාලේ වගේ ජාතික ආරක්ෂාව නැතිකරලා දාමු

:       8       57

Bamunuarachchi Tuesday, 13 April 2021 11:22 AM

යහපාලකයෝ ඒ කාලේ හිතුවෙත් ත්‍රස්ත බිය බොරු බියක් කියලනේ.

:       3       36

Raveendra Sunday, 18 April 2021 09:28 AM

විපක්ෂ පට්ටියට පැමිණෙන "සෑම ගොනෙක්ම" ක්‍රියා කරන්නේ කෙසේ හෝ බලය ලබාගෙන දියවන්නාව පට්ටියේ "මහගොනා වීමට" බව අතීතය මෙන්ම මෑත අතීතයද සියලුම රටවැසියන්ට මනා ලෙස ඔප්පුකර හමාරයි. මේ එහි වර්තමාන ක්‍රියාව බව කණගාටුවෙන් වුවද සඳහන් කරන්නෙමු...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17123 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site