IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සිට තුන්ඩු ක්‍රමයෙන් පාලනය කරනවා

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුවේ පුද්ගලයන් කැරළි කළ කාලයේ කැළේ සිට තුන්ඩුවෙන් කළ දේ වර්තමානයේ පාර්ල්මේන්තුවට ගොස් කරන බවත් එදා තුන්ඩු එවපු කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159 ක් සමඟ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ තුන්ඩුවෙන් දුන් පණිවුඩය පාර්ලිමේන්තුව තුළ කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (10) පැවසීය.

‘රැවටුනා ඇති බොරුවට තිත’ යන තේමාව යටතේ මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එසේ පැවසීය.

එම සංවිධානය මරපු පුද්ගලයාගේ දේහය කරේ තියාගෙන යෑම තහනම් කිරීමටත් එම කණ්ඩායම තුන්ඩුවක් යැවූ බවත් අත්දැකීම් නැති, වෛරය සහ ක්‍රෝධය හිතේ තියන පුද්ගලයන්ට බලය දුන්විට රටකට අත්වන ඉරණම මැතිවරණයට පෙර ජනතාවට පැහැදිළි කළ බවත් දිසානායක මහතා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ පොදුජන එක්සත් පෙරමුණ හෝ නොව සෑම පැත්තකින්ම එල්ල වන පීඩනයත් සමඟ ‘රැවටුණා ඇති කියන’ කරුණ මේ වන විට මෙරට සමස්ත ජනතාව තුළින්ම එළියට එමින් ඇති බවත් ඉන්ධනහල්හිමියන්ට යම් සාධාරණ ගැටලුවක් තිබේ නම් එය සාකච්ඡා කිරීමේ හෝ අවස්ථාවක් නොලැබීමෙන් වර්තමාන ආණ්ඩුවේ ආකල්පය පැහැදිළි වන බවත් ඒ මහතා කීය.



අදහස් (8)

ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සිට තුන්ඩු ක්‍රමයෙන් පාලනය කරනවා

ජයනාත් Monday, 10 March 2025 02:30 PM

හොඳ හෙඩිම ක්. රැවටුනා ඇති... කෘෂිකර්ම අමාත්‍යාංශය බාරගෙන රටට මොනවද කලේ... මාසෙට කෝටි ගණන් බදු ගෙවපු එක විතරද... ඒකෙන් කීයක් කොමිෂන් ලැබුනද...

:       3       31

Jayantha Randeniya Monday, 10 March 2025 03:07 PM

කිව්වොත් ගොන් කතාවක් තමයි ඉතින්....!

:       0       23

sena Monday, 10 March 2025 03:38 PM

සබීතාගේ බිල්ඩිමට ගෙවපු සල්ලි වලින් කන්න 48 කට පොහොර සහනාධාර දෙන්න පුළුවන්ලු, මේ මිනිස්සුන්ට ලැජ්ජා නැද්ද ආයේ චන්දේ ඉල්ලන්න එන්න...

:       0       26

kamal Koyrala Monday, 10 March 2025 03:47 PM

ඕක මොකක්ද මහින්දානන්දත් රැවටුනේ.. නේ නේ

:       0       21

ගුණරත්න Monday, 10 March 2025 04:09 PM

තුන්ඩු ක්‍රමයනේ... ඒ ගොල්ලෝ ප්‍රැක්ටිස් කරපු ක්‍රමේ, නැතිව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම නොවේ, ඔවුන්ගේ පරණ ගතිය තාම තියෙනවා, එකයි විවේචන දරාගන්න බැරි...!

:       14       3

PGPThilak Monday, 10 March 2025 05:28 PM

මේ කතාවේ ඇත්තක් තියනවා! ආණ්ඩුවේ මන්ත්‍රීලා පාර්ලිමේන්තුවට යනවා විතරයි! රජයේ නිලධාරීන්ගෙන් සිදුවන අසාධාරණකම් විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ඇහුම්කන් දෙමින් පුරවැසියන්ට සාධාරණක් කර ගැනීමට කිසිකෙනෙක් නෑ! කෝ මහජන දින? වහාම පටන් ගන්න

:       4       5

දලුවගෙදර Monday, 10 March 2025 05:32 PM

හැම එකා ගැනම ලංකාවේ අපි දන්නවා බං, දැන්වත් පඩික්කම් වහපල්ලා!

:       0       10

ගමේ එකාලා Monday, 10 March 2025 07:12 PM

තමුන් හරියට හිටියා නම් ගෑණි වෙන කෙනෙක් එක්ක පැනලා යයිද?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2443 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site