(නිමල කොඩිතුවක්කු)
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනකු අත්අඩංගුවට ගැනීමට යාමේ තැතක් පවතින බවත් ආඥාදායක අරමුණු වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් බිල්ලට ගැනීම ආණ්ඩුව වහාම නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ආණ්ඩුවවේ ආඥාදායක,ෆැසිස්ට්වාදී වැඩපිළිවෙළ පිළිබඳව සමගි ජන බලවේගයේ දැඩි විරෝධය සහ පිළිකුල පළ කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
දිනෙන් දින ජනතාවට අපේක්ෂාභංගත්වය උරුම කළ ආණ්ඩුවට එරෙහිව රට පුරා ජනතාව මේ වන විටත් පෙළගැසෙමින් සිටින අතර එය ඉවසා දරාගත නොහැකි ආණ්ඩුව මේ මොහොතේ කටයුතු කරමින් සිටින්නේ මර්දනය ,තර්ජනය සහ බිය ගැන්වීම සිය ප්‍රතිපත්තිය බවට පත්කර ගනිමින් ය.
නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම ,ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කිරීම,ආණ්ඩුව විවේචනය කිරීම යනාදී අයිතිවාසිකම් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම සහතික කොට ඇති බව ආණ්ඩුව මතක තබා ගත යුතු අතර සහෝදර දේශපාලන පක්ෂ වලට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ගතයුතු සහ ගතහැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට අප දෙවරක් පසුබට නොවන බවද ආණ්ඩුවට මතක් කරනු කැමැත්තෙමු" යයිද විපක්ෂනායකවරයා සිය නිවේදනය මගින් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කිඹුලාට දැලිපිහිය" ලැබුණා සේ ඕනෑම දෙයක් "ගිලමි"යි බලය වෙනුවෙන්...
යන්නේ යන්න ඕන ස්ථානයට නම් මග මොකක් උනාම ඔහෙට මොකෝ? ගමන ලෙහෙසිද මහන්සිද කියන මග යන්නාට අයති දෙයක්.
මෙන්න අලුත්ම අලුත් සිංහල උපහැරණයක් පස් අවුරුද්දක් පාර වරද්දාගත්ත යහපලකයෙක් එක අවුරුද්දක් පාර වරද්දා ගත්තත පොහොට්ටුවට පාර කියා දීම වගෙයි.