IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘‘ආණ්ඩුව ගැන විශ්වාසය භංග වෙලා‘‘

(නිමල කොඩිතුවක්කු)

බදු බර සහ බඩු මිල දරාගත නොහැකි ලෙස වැඩිවී ජීවත්වීමට නොහැකි වීමෙන් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ සිත් තුළ විශ්වාසභංගයක් හටගෙන ඇතැයි සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව කෙරෙහි හටගත් විශ්වාසභංගයට සමාන විශ්වාසභංගයක් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කෙරෙහි ජනතාවට ඇති වෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව ජනතාවට දිනෙන් දින එල්ල කරන පීඩනය මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කීවේය.

මෙවර අය-වැය තුළින් රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් ඉහළ දමන බවට පැවැසුවත් ආණ්ඩුව දිනෙන් දින බඩු මිල සහ බදු බර වැඩි කරමින් ජනතාව පීඩාවට පත් කරමින් සිටින බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

 



අදහස් (6)

‘‘ආණ්ඩුව ගැන විශ්වාසය භංග වෙලා‘‘

Lal Sunday, 03 December 2023 05:25 PM

අනේ ඔව් සජියා ගැන අපිට විශ්වයේ පට්ට ඉහළටම ගිහින් තියෙන්නේ...!

:       2       9

Bamunuarachchi Sunday, 03 December 2023 07:09 PM

ඝෝඨාභය ගැන කථා කරන්න එපා. ඕන මගුලක් කරගනිව් කියලා දාලා ගියා. ජනතාවට බදු නොගහ රට ගොඩගන්න පුළුවන් නම් ඇයි ඔබලා රට බාර නොගත්තේ? මෙපමණ කාලයක් සිද්ද වුනේ ලෝකේ අනික් රටවල මෙන් මේරටේ බදු අයකිරීම්, ඒ සඳහා නීති නොමැති වීම හා තිබුණු නීති වලට අනුව බදු අඩු කර නොගැනීමයි. දැන් ගෙවපල්ලා ලක්ෂ ගණන් වලින් ගන්න වැටුප් වලට බදු රජයේ සේවකයින්ට වැටුප් ගෙවන්න සෙසු ජනතාවට වක්‍රබදු ගහන්න එපා...

:       1       3

fairoos Sunday, 03 December 2023 07:16 PM

බයියන්ට කොහේද මේවා තේරෙන්නේ? බයියෙක්ම ඇවිල්ලා කිව්වොත් කියයි ඉන්න හිතෙන රටක් තියෙනවනේ කියලා...

:       3       3

Bamunuarachchi Monday, 04 December 2023 07:44 AM

ඈ බොල ඉන්න හිතෙන්නේ නැතිනම් අපිට පව් නොදී තොලොංච් වෙලා පල. තුන්කාල රාත්තලට කිරණ මස් කඩ කාර හම්බයෝ බදු ගෙවන්නේ නැහැ උන්ව බෙල්ලෙන් අල්ලලා ගම්මිරිස් මල්ල අතට දීල ආපු රටට පටවන්න.

:       0       0

Saththaya Sunday, 03 December 2023 10:25 PM

ඔබගේ ලොක්කා ගැන දැන් විශ්වාසය වැඩි වෙලාද ?

:       0       0

Asanga thiththagalla gamage Monday, 04 December 2023 10:00 AM

ඉක්මනටම මුන් බන්ග වෙනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site