IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුව කෘෂිකර්මාන්තය විනාශ කිරීමේ උත්සහයක

(නිමල කොඩිතුවක්කු)

සහල් සහ බඩඉරිඟු පිටරටින් ආනයනය කර රටේ කෘෂිකර්මාන්තය විනාශ කර දැමීමට ආණ්ඩුව උත්සහ කරන්නේ යැයි සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවැසීය.

සීනි බද්ද අඩු කර තම ගජ මිතුරන්ට සහන ලබාදීමට  සීනි ආනයනය සිදු කළ ආකාරයට ආණ්ඩුව හාල් සඳහා අයකළ රුපියල් 68 බද්ද රුපියලට බස්සා හාල් ආනයනයට කටයුතු කරන බවත් බවත්  මහලේකම්වරයා සඳහන් කළේය.

ආණ්ඩුව බාල බෙහෙත් ආනයනය කළා මෙන් බාල හාල් ආනයනයට සුදානම් වන බව මෙම තීරණයෙන් පැහැදිලි වන බවත්  විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

වී අස්වැන්න හොදින් ලැබෙන කාලයක හාල් ටොන් ලක්ෂ ගණනක් පිටරටින් ගෙන්න ආණ්ඩුව කටයුතු කරන බවත් මේ හෛ්තුවෙන් වී විකුණා ගැනීමට නොහැකිව රටේ ගොවි ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත් වනු ඇති බවත් මහලේකම්වරයා පැවසීය.



අදහස් (3)

ආණ්ඩුව කෘෂිකර්මාන්තය විනාශ කිරීමේ උත්සහයක

jayampathi de silva Saturday, 06 January 2024 11:58 AM

බඩ ඉරිඟු ආනයනය කිරීම ඉතාම හොඳ වැඩක්.නැත්නම් දේශීය බඩ ඉරිඟු වල මිල පාලනය කිරීම අසීරු වෙනව.

:       0       0

සල්ලි Sunday, 07 January 2024 12:50 AM

පොඩි එකෙක්ට මස් කෑල්ලක් කවන්න බැරි තරමට රට විනාශ කළ දේශපාලනේ...!

:       0       0

අප්පුහාමි Sunday, 07 January 2024 02:34 AM

තමන්ගේ බලය තිබුණු කාලේ කලේත් ඔය ටිකම තමයි ලොක්කා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site