(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්වීමට සලස්වා කොමිසම අක්‍රිය කිරීමේ  සැලැස්මක් පවතින බව නිදහස ජනතා සභාවේ සාමාජික  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව පසුගිය දිනවල  විවිධ උත්සාහ ගත් බවත් අලුත්ම උත්සාහය සාමාජිකයන් ඉවත් කිරීමෙන් කොමිසම  අක්‍රිය  කිරීම බවත් ඔහු සඳහන් කළේය.

මෙවැනි දේවල්  ඉතිහාසය පුරාම දැක ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.