
(නිමල කොඩිතුවක්කු සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොල හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ තරම් ජනතාව පීඩාවට පත් කරමින් සිටීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද වන විට ගමක් ගමක් පාසා ගෙයක් ගෙයක් පාසා නැති බැරිකමේ අදෝනාව,ආර්ථික පීඩාවේ වේදනාව නැගෙමින් පවතින බව පැවසූ විපක්ෂ නායකවරයා ජන ජීවිත නඟාසිටුවීමට ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැතැයිද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ කැස්බෑව නගරයේ පැවති "පාලකයින් හිතුමතේ- ජනතාව හාමතේ"මැයෙන් සංවිධානය කොට තිබූ විරෝධතාවයකට එක්වෙමිනි.
ගජමිතුරු කල්ලි වාදයත්,විශාල මාෆියාවන් රැසකුත් රටේ ක්‍රියාත්මක වන බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව දිනෙන් දින කරමින් සිටින්නේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කිරීම බව ද පැවසීය.
සිවිල් අයිතිවාසිකම්, ආර්ථික අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම් සංස්කෘතික අයිතිවාසිකම් ඇතුළු සමස්ත අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුවට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා එහෙත් ඒ වෙනුවට අද සිදුව ඇත්තේ ජනතාවට අසහනයෙන්,නැති බැරි කමින් පීඩා විඳීමට යැයිද පැවසීය.
කැස්බෑව සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ගයාන් ද මෙල් මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණි.
(ඡායාරූප බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)


COMMENTS
දැන් නම් කාලේ හරි රෑට රෑට ගෙවල් වලට තට්ටු කරලා බලන්න.
ගොවි උද්ඝෝෂණ කරන තැන් හොය හොයා ගිහිල්ලා රැස්වීම් තියෙනවා ඡන්දේ ගන්න. ඔයා ආවම මේ ඔක්කොම හරියයිද.?
ඔය කොල කෑලි අල්ලගෙන ඉන්න එකද කරන්න හදන්නේ ඊලග ඡන්දේ එනකම්ම. තමන්ට ආණ්ඩු බලය ලැබුනොත් අපි සැම දෙනාගේම අභාග්‍යකට කරන වැඩපිලිවෙලක් සැලසුමක් එහෙම නැද්ද?
යුගයේ අවශතාවය ගුණයහපත් මහත්මා ගතිගුණ තියෙන යහපත් පුරවැසියන් පිරිසක් රට හදන්න බාර ගන්න එක. දැන් මේ හොදටෝම ඇති
මුළු ලෝකයටම අමාරු කාලයක මේ විදියට වත් රට ගෙනියනවා සජිත් හිටිය නම්. මොනවා වෙනවද ඉන්න විදියටම ඉන්න
දැන් සජිත් ආවොත් ගෑස් මිල අඩු කරයිද? ලෝකේ සජිත්ට අඩුමිලට ගෑස් දෙනවාද? උතුරේ මිනිස්සු බොඩ් උස්සගෙන ඉන්නවා දකින්න නැහැ ඒ ඇයි.