(ජේ ඒ එල් ජයසිංහ)
මධ්‍යම පලාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ධූරයට මධ්‍යම පළත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා පසුගිය 20 වැනි දින පත්කරන ඒ. ජී. මුදියන්සේ මහතා ජාතික ජන බලවේගය පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයකු බැවින් ,ආණ්ඩුකාර වරයාම එම පත්වීම අවලංගු කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ට්‍රාන්ස්පේරන්සි ආයතනය මෙම පත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසම වෙත කරන ලද පැමිණිල්ලකින් එම පත්වීම අත්හිටුවන ලදි .
මධ්‍යම පලාත් පුස්තකාල මණ්ඩලයේ සභාපති ධූරය සඳහා ආණ්ඩුකාරවරයා පත් කරන ලද ඒ. ජී. මුදියන්සේ මහතා මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු බව ආණ්ඩුකාර කාර්යාලය නොදැන සිටි නිසා මෙම පත්වීම සිදුකරන ලද බවද වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ව පත් කරපු අය එවන හැම ලැයිස්තුවම ක්‍රියාත්මක කරන්න ගියාම මහාචාර්යවරුත් පච වෙනවා.
ආණ්ඩුකාරයා නොදැන හිටියා කියමුකෝ ඒත් ප්‍රතිපත්ති ගරුක පාක්ෂිකයෙක් නම් ඔහුගේ වගකීම තමයි සත්‍ය තත්වය පෙන්වා දීලා ලැබුණු තනතුර ප්‍රතික්ෂේප කිරීම. ඒත් එහෙම වෙලා නැහැනේ කොහොම වුණත් මාලිමාව යටතේ ද තනතුරු තානාන්තර ලැබෙන්නේ පාක්ෂිකයන්ට පමණක් කියලා මෙයිනුත් පේනවා.
අවුලක් නෑ. මැතිවරණයෙන් පස්සේ දිනුවේ නැත්තන් ආපහු පත් කරන්න පුළුවන්... මේවා මේ පක්ෂේ අයට දෙන පත්වීම් නෙවෙයි.
පුද්ගලයකු පත්කරන්නට පෙර නිසි විපරම් කිරීමක්, ඇගයීමක් සහ කරුණු සොයාබැලීමක්... තව ඉස්සරහට මොන මොන වැඩ කරයිද දන්නේ නෑ.
අපේ රටේ සිටි සෑම ආණ්ඩුවක්ම කරපු බරපතල වරදක් තමයි ආණ්ඩුකාර තනතුරු සඳහා නොගැලපෙන අය පත්කිරීම. ඇත්තටම මෙම තනතුර සඳහා පත්කළ යුත්තේ පරිපාලන සේවයේ අයෙකුයි. නමුත් හැම ආණ්ඩුවක්ම කළේ පරාජිත දේශපාලකයෙක් හෝ තමන්ට හිතවත් වෙනත් අය මේ තනතුරු සඳහා පත්කිරීමයි. මේකත් හරියටම තානාපතිවරුන් ලෙස විදේශ සේවයෙන් පිටස්තරයින් පත්කිරීම වගේ වැඩක්... අපි විශ්වාස කළා මාලිමාවෙන් මේ වරද නිවැරැදි වේවි කියලා.. නමුත් ඔවුනුත් මෙතැනදී ඒ අයත් අනෙකුත් ආණ්ඩු අතරත් වෙනසක් නැහැ...
පාණ්ඩුකාරයා බබා. පත්වීම ගත්ත එකා තොත්ත බබා. අපි දන්නවා ජේවීපී ඌරුකොටුවේ ඉන්න අය අර අනික් අය වගේ අසූචි නාපු ඌරෝ තමයි...