
(ඩයනා උදයංගනී)
ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් හෙට (28) දිනයේදී දැවැන්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සඳහන් කරයි.
ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් ‘ජනමතයට හිස නමනු - ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාව යටතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සංවිධානය කර ඇති අතර, වෘත්තීය සමිති දහසකට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා එක්ව සිටින බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පැවසීය.
අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලිබල, බැංකු, තැපැල්, සමෘද්ධි, සංවර්ධන නිලධාරී, කම්කරු ආදී සෑම ක්‍ෂේත්‍රයකම පිරිස් මෙම වැඩවර්ජනයට එක්ව සිටිති.
රෝහල්වල ද සේවකයන් ද සියයට 50ක් පමණ මෙම වැඩවර්ජනයට එක්වන නමුත් රෝහල් සේවා අඩාල නොවන අයුරින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ද කුමුදේශ් මහතා පැවසීය.
සේවයේ යෙදෙන සෞඛ්‍ය සේවකයින් කළු ඇඳුමින් සැරසී හදිසි ප්‍රතිකාර කටයුතුවල යෙදෙන බව ද රවි කුමුදේශ් මහතා කීවේය.
රෝහල් සේවකයින් ද දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා පැය දෙකක කාලයක් සේවා කටයුතුවලින් ඉවත්වී විරෝධතාවක නිරත වන බව ද ඔහු සඳහන් කළේය.
සියලුම රෝහල් ඉදිරිපිට අද දහවල් 12.00 සිට උද්ඝෝෂණ හා පා ගමන් පැවැත්වෙන අතර, රට පුරා නගරවලදී ද විරෝධතා සංවිධානය කර තිබේ.
වැඩවර්ජනයේ නිරත වෘත්තීය සමිති විසින් සංවිධානය කරන දැවැන්ත විරෝධතාවයක් හා විරෝධතා රැලියක් හෙට දහවල් 12.00ට කොටුව දුම්රියපල ඉදිරිපිට දීදපැවැත්වීමට නියමිතය. මීට අමතරව වැඩ වර්ජනයේ නිරත වෘත්තීය සමිති කොළඹ ලිප්ටන් වටරවුම ආදී ස්ථාන ගණනාවක සිට විරෝධතාවල නිරතවී ගාලුමුවදොර ජන අරගල භූමිය දක්වා පා ගමනින් ගොස් එම විරෝධතාවට එක්වීමට ද සැලසුම් කර ඇත.
සරසවි ශිෂ්‍යයන් ද කොළඹ ඇතුළු රට පුරා නගරවලදී විරෝධතා මාලාවක් සංවිධානය කර ඇත. ලංකා වෙළඳ කාර්මික හා පොදු වෙළඳ සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ලංකා ගුරු සංගමය, රජයේ එක්සත් කළමනාකරණ සහකාර සංගමය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය, ජනරජ සෞඛ්‍ය සේවා සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, ස්වාධීන වරාය සේවක සංගමය, ලංකා වතු සේවා සංගමය, ශ්‍රී ලංකා විගණන පරීක්‍ෂණ සේවා සංගමය, රක්ෂණ සේවක එකමුතුව, නිදහස් වෘත්තීය සමිති සන්ධානය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, එක්සත් පොදු සේවක සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, තැපැල් රියදුරු සංගමය, සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපති සංගමය, ලංකා වැවිලි සේවා සංගමය, ජාතික පොදු සේවක සංගමය, වරාය ලිපිකරු සංගමය, සමස්ත ලංකා හාබර් ඩොක් කම්කරු සංගමය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සැලසුම් ලිපිකරුවන්ගේ සංගමය, ටග් යාත්‍රා ස්වාධීන සේවක සංගමය, දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව, ලංකා විදුලි පොදු සේවක සංගමය, ලංවිම නව සේවක සංගමය, සමස්ත ලංකා එක්සත් සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, ඒකාබද්ධ ජල සම්පාදන සේවා සංගමය, ගොවි හඬ ජාතික ව්‍යාපාරය, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය, රජයේ කර්මාන්තශාලා යාන්ත්‍රික අධිකාරී සංගමය, රාජ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ ජාතික එකමුතුව, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය, රජයේ කළමනාකරණ සේවා නිලධාරී සංගමය, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය, ඇතුළු වෘත්තීය සමිති 1000කට වැඩි ප්‍රමාණයක් මෙම වර්ජනයට එකඟතාව පළ කර ඇතැයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ වෙලාවේ උද්ඝෝෂණය කරලා වැඩ ඇරිලා ගෙදර යන, ඒ දවසටත් පඩි ගන්ක මිනිසුන් කරන්නේ ජාතික අපරාධ.... අපේ රට වනසන්නේ මේ වැඩ වර්ජන. රටට ආදරේ නම් වැඩ අවසන් කර විරෝධය දක්වන්න ඕනෑ. දේශපාලකයෝ හදන්න පුළුවන්, මේ වෘත්තිය සමිති නම් කවදාවත් හදන්න බෑ. ඔවුන් නිසා අපේ රට ගොඩ ගන්නම බෑ.
හප්පා. ලංකාවේ වෘත්තීය සමිති 1000ක් තියෙනවාද? රට කඩා වැටීමට මොවුනුත් වග කිව යුතුයි. අතිකාල දීමනා ගන්න කීදෙනෙක් ඇත්තටම අතිකාල කරනවාද?
රටක් හැදෙයිද මෙච්චර සමිතිකාරයෝ ඉන්නකොට. ලොක්කෝ වාසි ගන්නවා රටට කෙළ වෙනවා. මේ අය ස්ට්‍රයික් කරනවා.
වැඩවර්ජනයට සහභාගිවන සියලුම රටවැසියන්ට ජයවේවා...!!! රට කෑව මිනීමරු හොර රාජපක්ෂලා බලයෙන් පහකොට සිරගත කිරීමෙන් පමණක් සටන නිමකොට නැවත රට ගොඩ නැගීමටත් ...හොරා කෑ ධනය නැවත අත්පත් කරගැනීමටත් හැකිවේවා...!
වෘත්තීය සමිති නමැති වසංගතයෙන් මේ රට මුදා ගත හැකි නායකයෙක් පැමිණෙන තුරු රටේ දියුණුවක් නම් නොමැත්තේමයි.
ඔයාලා යන්න අපායවල් හැදෙමින් පවතිනවා. බය වෙන්න එපා. එහේ හොඳ යම පාලකයෝ මේ අවනඩුවට දඬුවම් දේවි. මේවා ජාති ජාතිත් විපාක දෙන දේව උදහසට ලක්වන අමානුෂික වැඩ. රටවල් කඩාදාන්න වැඩකරලා අන්තිමට ගෙදර යන්න කියන්න එපා. සහගහනවා. රට රැකගන්න මහන්සි වෙලා වැඩ කරන්න.
රටේ විනාසෙට දේශපාළුවන් වගේම බොහෝමයක් රාජ්‍ය සේවකයින් වගකිව යුතුයි. ඉහළ සිට පහළටම ඇත්තේ හොරකම, විනාශය, කම්මැලිකම... එහෙව් අයත් ලැජ්ජා නැතිව උද්ඝෝෂණය කරන හැටි... අපේ රටේ අයට උද්ඝෝෂණය කරන්න හේතුවක් අවශ්‍ය නැත. වැස්සත් උද්ඝෝෂණය, පෑව්වත් උද්ඝෝෂණය... රටේ කරුමෙකට කාලකණ්ණි දේශපාළුවන් රැළක් සමග එයටම ගැලපෙන සේවක සංගම් ලැබී ඇත. මේ රටේ අභාග්‍යය තමයි.
රටේ දූෂිතම ආයතන සියල්ල වර්ජනය සඳහා සහභාගීවීම දෛවයේ සරදමක් ලෙස දැනේ... රේගුව, දේශීය ආදායම්, ලංවීම වැනි ආයතන දුෂණ, වංචා පිරි අල්ලස් ගැනීමේ තෝතැන්ය. දේශපාලකයින් ගෙදර යැවීමට හැකි වූවොත් ඊළඟට කළ යුත්තේ මෙම ආයතන සියල්ල වටලා සුද්ද කිරීමයි. එසේ නොකර කරනු ලබන අරගල දියේ ඇඳි ඉරි සේ විය හැකිය.