(අංජුල මහීක වීරරත්න සහ ඩයනා උදයංගනී)
ඉදිරියටත් ආණ්ඩු පක්ෂය ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන බදාදා (20) දිනයේ යළි රැස්වීමට එක්සත් ජාතික පෙරමුණු මන්ත්රී කණ්ඩායම අද (18) තීරණය කර තිබේ.
ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යා යුතුද මහමැතිවරණයකට යා යුතු ද ආදී කරුණු සම්බන්ධ තීරණයක් ගැනීමට එම මන්ත්රී කණ්ඩායම පාර්ලිමේන්තු පරිශ්රයේදී අද රැස්වී සාකච්ඡා කළ අතර එහිදී අවසන් තීරණයකට එළඹීමට ඔවුන්ට නොහැකි වී ඇති බවද වාර්තා වේ.
මන්ත්රී කණ්ඩායමේ පිරිසක් එහිදී ආණ්ඩුව ලෙස ඉදිරියට යා යුතු බවට අගමැතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ද එම පෙරමුණු ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡා කර බදාදා දිනයේදී අවසන් තීන්දුවක් ගැනීමට මන්ත්රී කණ්ඩායම තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට මොනවා වුණත් පුටුවයි වටින්නේ...
මෙයාල තවත් මේකේ එල්ලිලා ඉන්නද හදන්නේ. තවත් දේශපාලන බල පොර වලට කාලෙ සහ මුදල් නාස්ති නොකර ජනමතයට ගරු කරලා රටට ප්රතිපත්තියක් ඇතුලේ දෙයක් කරන්න ඉඩ දීලා යන්නේ නැත්තේ ඇයි? පහුගිය අවුරුදු කීපයම වුනේ ඕක. මේ අය මේකේ එල්ලිලා හිටියහම රටට වෙන එක හොදක් තියේද? අපි ඉන්න තැනිනුත් පහලට වැටෙන එක වෙන්නේ. බලය පවත්වාගැනීම පමණක්ම දේශපාලනේ කියලා හිතන මේ දේශපාලන පිළිල දේශපාලනයෙන් අතුගා දැමිය යුතුමයි. ගෝඨාභය ගැන මිනිසුන් බහුතරය විශ්වාස පලකරලා තියෙන වෙලාවෙදිත් තවත් ආණ්ඩුවේ එල්ලිලා ඉන්න දගලනවානම් එය ජනමතය හෑල්ලුවට ලක් කිරීමක්. මෙවන් රටක සංවර්ධනය සැමදාම හීනයක්ම වෙයි.
2015 ජනවාරියේදී දින 100 ආණ්ඩුව හැදුවේ දිනන්නේ නැතුව. දැන් මොකද බලෙන් ඉන්නේ?
ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියන්නේ මේවාට තමයි. ජනමතයට හිස නමා ගෙදර යන්න.
මොකද ආණ්ඩුව පවත්වාගෙන යන්න බැරි? එජාපයටත් ජනබලය තිබෙනවා සංවිධානය වී මැතිවරණයට මුහුණ දෙන්න. ඔය පත්වීම 6 මාසයයි පවතින්නේ.
ජනමතයට ගරු කරලා ආණ්ඩුව ඉක්මනින් භාරදීමට කටයුතු කළොත් හොඳයි. නැත්නම් වෙන්නේ ඉදිරි මහා මැතිවරණයේදීත් තව ඡන්ද අඩුවෙන එකයි. ඔබලා ප්රජාතන්ත්රවාදී බව රටට පෙන්වා හොඳ නම රැක ගන්න.