IMG-LOGO

ආණ්ඩු කඩා වැටෙන්න හේතුව ප්‍රසන්න හෙළි කරයි

 

(අංජුල මහික වීරරත්න)

තම අමාත්‍යංශයට පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සහ අනෙකුත් නිලධාරීන් සමඟ එකට එක්ව එක පවුලක් ලෙස වැඩ කිරීමට තමන් සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (13) පැවසීය.

එක පවුලක් ලෙස වැඩකරන විට කේලම් කියා එකිනෙකා කෙටවීමට කිසිවකුට අවස්ථාවක් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

එම අමාත්‍යංශය යටතේ ඇති ආයතන 21 හි ප්‍රධානීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ. අලුතින් පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන්ට ආයතන ප්‍රධානීන් හඳුන්වාදීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණ.නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස තේනුක විදානගමගේ, අරුන්දික ප්‍රනාන්දු මහත්වරු පත් වූහ.

"බෙදිල වැඩ කරන්න එපා. බොහෝ තැන්වල වෙන්නේ ලේකම්වරු ඇතුළු නිළධාරීන්, ඇමතිවරුන් බෙදිල වැඩ කරන එකයි. ආණ්ඩු කඩා වැටෙන්න ප්‍රධාන හේතුවක් ඒක . ඒ නිසා අපි කොටවන්න ලෑස්ති වෙන්න එපා. එහෙම ලේසියෙන් අපිව කොටවන්නත් බැහැ. අපි එක පවුලක් වගේ වැඩ කරල අනිත් අමාත්‍යංශවලට ආදර්ශයක් දෙමු"යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.



අදහස් (13)

ආණ්ඩු කඩා වැටෙන්න හේතුව ප්‍රසන්න හෙළි කරයි

Rexi Tuesday, 13 September 2022 03:11 PM

එක පවුලක් ලෙස අපි හොරා කමු. මොකද ඒක ගෙදරින් ආපු දෙයක්..., නේද?

:       0       1

de silva Tuesday, 13 September 2022 03:17 PM

ආණ්ඩු කඩා වැටෙන්න හේතුව දේශපාලකයින් සහ නිලධාරීන් පවුල් පිටින් එකතුවෙලා කරන වංචාව, දූෂණය සහ නායකයන්ගේ මෝඩක, අහංකාරකම වැනි දේවල්...

:       0       1

susantha Tuesday, 13 September 2022 03:22 PM

ඔවු ඔවු ඔය අමාත්‍යංශයට පත්වෙලා ඉන්න තුන්දෙනාම හොරතක්කඩි නිසා තව එවගෙම හොර තක්කඩි නිලදාරි ටිකකුත් දාගෙන එකතු වෙලා කාගෙන යන්න

:       2       40

විපරමා Tuesday, 13 September 2022 04:00 PM

සරීරයේ තරමට මොලේ වැඩිලා නැති කෙනෙක්.තමුන් ගෙ වැඩ ,කෙරුවාවල් ගැන දන්නෝ හොදාකාරවම දනිති .

:       2       33

ගමේ එකාලා Tuesday, 13 September 2022 04:39 PM

මහා පරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරන, කොමිස් ගහන, කප්පම් ගන්න දූෂිත දේශපාලුවන්, නිලධාරින් ඉන්න කොට ආණ්ඩු කඩාවැටෙන එක කියන්න දෙයක්ද?

:       0       1

fairoos Tuesday, 13 September 2022 04:43 PM

ඉඩම් නඩුවෙන් නිදහස්ද? රනිල් රාජපක්ෂ සහ සෙට් එක ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ.

:       0       1

BamunuarachchiWednesday, 14 September 2022 05:52 PM

ඉඩම් සිංහල කාට පවරුනත් කමක් නැහැ... මුස්ලිම් අයට ඉඩම් දෙන සිංහලයින් උල තියන්න ඕනේ... මේ රටෙන් ඒ අය යවනතුරු රටට සෙතක් වෙන්නේ නැහැ..

:       0       0

ravin Tuesday, 13 September 2022 05:02 PM

ආපහු කප්පම් වැඩේ පටන් ගන්න වගේ යන්නේ..!

:       0       1

Hafeel Tuesday, 13 September 2022 05:14 PM

කයිවාරු තමයි. 69 ලක්ෂයේ ජනවරම ලැබූ, තුනෙන් දෙකක බලයත් තිබූ, විසිවැනි ව්‍යවස්ථාවත් සම්මත කරගත්තු, අගමැති ඇතුළු පවුලේ හතර දෙනක්ව ඇමැති මණ්ඩලයේ තියාගෙන හිටපු ඔයාලගේ හිටපු ජනාධිපති බයවෙලා රටින් පැනලා යනකොට ඔයා කොහෙද හිටියේ? අඩු තරමින් ඔහුව ආරාක්ෂා කරගන්නත් බැරි වුණානේ... ඉතින් මෙයා කියන්නේ කොටවන්න බැහැ කියලා...

:       0       0

Perera Wednesday, 14 September 2022 12:57 AM

රට කඩා වැටෙන්න හේතුව මෙ වගෙ මොලයක් නැති මොට්ට මැටි මොල්ලු 90% මැති ඇමතිල ලෙස ආන්ඩුවල සිටීම.

:       0       2

චතුරි Wednesday, 14 September 2022 02:53 AM

රට කඩන් වැටුණාට නුඹලා වැටුණේ නැහැ. රට ගොඩගන්න මොලේ නැහැ. එකතුවෙලා. හොරා කන්න. ඒවාට නම් කැප්ටන්ලා. මුලු රටක්ම කෙටෙව්වේ බයියා බව අමතකද? පසුගිය කාලේ කොයිතරම් ජනතාව කොටවලා උසි ගැන්නුවාද? ඒවල සාපෙ උන්දැට ටිකයි තවම ලැබුනේ.. බංකරේ ඉන්න ඉතුරු ටික පසුවට. ඔබලා හරියට බුදුදහමට ලැදියි. මිනිසුන්ගෙන් බැණුම් අහගෙන. මගඩි වැඩ කරගෙන. 250 කලකිරිලා මහණ වෙන්න හිතෙන්නේ නැතිද? සාමාන්‍ය වැසියන් පොඩි දේටත්... කෝච්චියට බෙල්ල තියනවා. නමුත් ඔබලා කරන හොර තක්කඩි වැඩ.. ඒ ගැන හිතලා කලකිරෙන්නේ නැත්ද?

:       0       3

ලලිත් අම්බලන්ගොඩ Wednesday, 14 September 2022 10:02 AM

මෙයා තමයි මේ වනවිට මහජනතාව අතර වඩාත් පිළිකුලට භාජනය වී ඇති එක්කෙනා....

:       0       6

sharm warn Wednesday, 14 September 2022 01:29 PM

මේ වගේ පිළිකුල් සහගත අපරාධකරුවන් පාර්ලිමේන්තුවට යවපු බයියන් තමයි මේ රට කඩාවට්ටන්න පාර කැපුවේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 495 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 675 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site