IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආගම්වලට අපහාස කිරීම ආණ්ඩුවේ වැඩක්ද?

(යොහාන් භාසුර)

ආගම්වලට අපහාස කරන පුද්ගලයන් ආණ්ඩුව ඉදිරියට ගේන්නේ සිතාමතා ද යැයි සැකයක් ඇත බවත් රටේ බහුතරයක් වූ ජනතාව අදහන බුදුදහමට පහර දෙන්නෙම ආණ්ඩුවට ඔන විදියට එදිනදා ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කිරීමට වියහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (29) පැවසීය.

ආණ්ඩුවේ සමහර කාරණා වෙනත් පැත්තකට යොමු කරන්න වර්තමාන ආණ්ඩුව දක්‍ෂ බව කී මන්ත්‍රීවරයා පසුගිය සති දෙකම තුන තුළම ජනතාව නිරන්තරයෙන් ෆාස්ටර් ජෙරම්, ෆාර්ටර් චාල්ස් සහ නතාෂා ගැන කථා කළ බව ද සඳහන් කළේය.  

මිනිස්සු බඩු මිල ගැන කථා කිරීම අඩු කරලා ෆාස්ටර් ජෙරම්ට දඩුවම් දෙන විදිය කථා කරන අතරම නතාෂා හිරේ දානවාද යන්න පිළිබඳව ද අවදානයෙන් ජනතාව සිටින බව කී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ ඒ අය කරන ක්‍රියාව හරහා ජනතාව එදිනදා ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම අමතක කර ඇති බවත්ය.

බදුවලට, විදුලිබිලට එරෙහිව සහ ඡන්ද කල්දැමීමට එරෙහිව ජනතාව ක්‍රියානොකරන නිසා ආණ්ඩුවට ඡන්ද කල්දාන්න උදව් කළ කෙනෙක්ට උතුරේ ආණ්ඩුකාරවරයා තනතුර දී ඇති බවත් අරගලයෙන් ජයග්‍රහණය කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණක් බවත් ඒ මහතා කීය.

අරගලයේ ක්‍රියාකාරිව සිටි වෙනත් කිසිවෙක් ජයග්‍රහණය කර නොමැති බවත් එහි විශාල කාර්යක් කළ අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ දරුවෝ ජය නොලැබූ අතර එහි හිටපු කැඳවුකරු වසන්ත මුදලිගේ මාසෙන් මාසට හිරේ යවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.  

මෙරට මෑත ඉතිහාසයේ කිසිදිනක නැති ආකාරයට බරපතල ගණයේ අපරාධ කල්ලි නැවත එළියට පැමිණ ඇති ඇති බව කී ඒ මහතා සඳහන් කළේ  පසුගිය මාසය තුළ වෙඩි තැබීම් 27 කින් පුද්ගලයන් 19 ක් මණයට පත්වී ඇති බවත්ය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය හෝ ජනාධිපතිවරයාව සිටියදී පාතාලය හිස එසවීම සාමාන්‍ය තත්වයක් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා වැඩි දුරටත් කීය.  

‘නිදහස ජනතා සභාව’ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (29) එසේ පැවසීය. 



අදහස් (2)

ආගම්වලට අපහාස කිරීම ආණ්ඩුවේ වැඩක්ද?

සසර Monday, 29 May 2023 04:47 PM

දේශපාලන සම්ප්‍රප්පලාඵ වලට වෙන්කරන අවකාශය දුෂ්කර පාසල් ළමයින් වෙනුවෙන් වෙන් කළා නම් එය දහස් වටී... ප්‍රතික්ෂේප වූ දේශපාලකයින්ගේ දුර්ජන අදහස් නිසා ළමා, තරුණ මනස විනාශ වේ...

:       2       8

Bamunuarachchi Tuesday, 30 May 2023 03:49 AM

ආගම් වලට අපහාස කරලා නැහැ හලෝ බුද්දාගමට අපහාස කරලා. අනිකුත් ආගම් වලට අපහාස කරන්නේ නැහැ නමුත් ඒ ආගම් වල දේශනා කර ඇති කරුණු ගැන ප්‍රශ්න කරනවා. ඒවා අපහාස කෙරීම් නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1070 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site