(රන්ජන් කස්තුරි)
සියලු ආගමික ස්ථානවල පවත්වන සාමූහික ක්‍රියාකාරකම් සීමාකළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව සියලු ආගමික ස්ථාන වල රැස්විය හැක්කේ එහි ඉඩ ප්‍රමාණයෙන් සියයට 50ක් වන අතර උපරිම වශයෙන් සිටිය හැකි බැතිමතුන්ගේ සංඛ්‍යාව 25 කට සීමාකර ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇනි එම නිවේදනයේ සඳහන් වේ.
පන්සල්, පල්ලි, කෝවිල් ආදී ආගමික ස්ථානවල නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ නිවසට ආසන්නව තිබෙන සිද්ධස්ථානයෙන් අළුයම 5 සිට 6.30 දක්වා උදෑසන කාලයේ අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් ක්‍රියාත්මක කරනවා. නැවත සවස 5.30 සිට 7.00 පමණ වෙනතුරු. අවට ගෙවල්වල ඉන්න කුඩා දරුවන්ට , මා වැනි මැදිවියේ රෝගීන්ට , වියපත් අයට , වෙහෙස වෙලා රැකියා කර ඇවිත් ඉන්න අයට ඒ මහා ශබ්දය හිරිහැරයක් කරදරයක්. ගියවර ලොක්ඩවුන් කල අවස්ථාවේදී අපි වින්දේ මහා කරදරයක්. ඉරිදා දහම්පාසල් දවසට උදේටත් සවසටත් එහෙමයි. පොහොය දිනයේ දවසම. මේ ශබ්දය එම ස්ථානයට පැමිණෙන බාල, තරුණ, මහළු කාටත් හොඳ නැහැ. පොලිස්පතිතුමනි, මුළු රටේම ආගමික ස්ථාන අසල ජීවත් වෙන මිනිසුන් බොහොම පීඩා විඳින මේ ලවුඩ්ස්පීකර් කරදරයට විසඳුමක් ලබාදෙන්න.