
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ අනුව ආංශික අධීක්ෂණ කාරක සභා 6 සඳහා පත් කළ සාමාජික මන්ත්‍රීවරුන් මෙසේය
1. ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා
• නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය
• නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය
• කන්දසාමි ප්‍රභු මහතා
• විජේසිරි බස්නායක මහතා
• තිළිණ සමරකෝන් මහතා
• නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය
2. යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• මංජුල සුරවීර ආරච්චි මහතා
• කේ. ඉලංකුමාරන් මහතා
• රවීන්ද්‍ර බණ්ඩාර මහතා
• ධනුෂ්ක රංගනාත් මහතා
• අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා
• ශාන්ත පද්ම කුමාර සුබසිංහ මහතා
• නීතිඥ ගීතා හේරත් මහත්මිය
3. අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• අබූබකර් අතම්බාවා මහතා
• ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනෙවිය
• නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය
• සුගත් වසන්ත ද සිල්වා මහතා
• සුජීව දිසානායක මහතා
• සංජීව රණසිංහ මහතා
• සුනිල් රාජපක්‍ෂ මහතා
4. සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• මුනීර් මුලාෆර් මහතා
• (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා
• සමන්මලී ගුණසිංහ මහත්මිය
• (මහාචාර්ය) සේන නානායක්කාර මහතා
• (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා මහතා
• ජගත් මනුවර්ණ මහතා
• රුවන් මාපලගම මහතා
5. පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• රොෂාන් අක්මීමන මහතා
• උපුල් කිත්සිරි මහතා
• එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය
• සුසන්ත කුමාර නවරත්න මහතා
• සුදත් බලගල්ල මහතා
• කිට්නන් සෙල්වරාජ් මහතා
• නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා
6. විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
• චතුරංග අබේසිංහ මහතා
• අර්කම් ඉල්යාස් මහතා
• ලසිත් භාෂණ ගමගේ මහතා
• තනුර දිසානායක මහතා
• නීතිඥ හසාරා ලියනගේ මහත්මිය
• (වෛද්‍ය) ජනක සේනාරත්න මහතා
• චන්දිම හෙට්ටිආරච්චි මහතා
එසේම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වසන්ත සමරසිංහ, සුන්දරලිංගම් ප්‍රදීප් සහ අබූබකර් අතම්බාවා යන මහත්වරුන්ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය
මීට අමතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ(කෝප්) සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අබූබකර් අතම්බාවා, අර්කම් ඉල්යාස් සහ මයිල්වාගනම් ජෙගදීස්වරන් යන මහත්වරුන්ද, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ(කෝපා) සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතාද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
මේඝ Thursday, 08 May 2025 04:29 PM
කරුණාකර මහජන පීඩාකාරි පාරිසරික ශබ්ද දූෂණය සිදුකරන ස්ථානවලට නීතිය ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න.