
(එම්.සුසිල් ප්රියන්ත)
පාතාල නායකයෙකුවූ ලොකු පැටීගේ සහෝදරයා වන වන පොඩි පැටී නොහොත් ලත්තුවාහන්දි සුගත් නුවන් කුමාර නමැත්තා ගමන් ගත් ත්රිරෝද රථයට ඊයේ (16) අහුන්ගල්ලේදී වෙඩි තබා ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමෙන් ඔහුට වෙඩි වැදී නැති බවත් මේ වෙඩි තැබීම සිදුවන අතරතුර ඔහු ත්රිරෝද රථයෙන් පැන දිව ගොස් දිවි බේරාගෙන ඇති බවද පොලීසිය කියයි.
අහුන්ගල්ල බෝගහහපිටිය ප්රදේශයේ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවති සංගීත සංදර්ශන නරඹා යළි අහුන්ගල්ල වැලිකන්ද සිය නිවසට පොඩි පැටී නමැත්තා පැමිණෙමින් සිටියදී මේ වෙඩි තැබීම සිදුව ඇති බවද පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදු කර ඇති බවත් එම වෙඩි තැබීමෙන් ඔහු ගමන් ගත් තීරෝද රථයේ මුහුණතට වෙඩි වැදී ඇති බවත් ඒ අවස්ථාවේදී තීරෝද රථයේ ගමන් ගෙන ඇත්තේ ඔහු බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd