
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ සංවිධායකවරයකු වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
සැකකාර හිටපු මන්ත්‍රීවරයා සන්තකේ තිබූ මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවිය සහ සහ ජීව උණ්ඩ තුනක් පොලිස් භාරයට ගෙන ඇත.
මන්ත්‍රීවරයා හොරණ ධීරානන්ද මාවත ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩම නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ එම ඉඩමට අනවසරයෙන් ඇතුළු වී එහි තිබෙන නිවස ඉදිරිපිට රැඳී සිටි ආගන්තුක පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු එම පිරිසෙන් අයකු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ දැරීමේදී වෙඩි තැබීම සිදු වී ඇති බව දැනගන්නට ඇත.
මන්ත්‍රීවරයා ඔහු සතුව තිබූ ගිනි අවියෙන් අහස දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
සැකකාර මන්ත්‍රීවරයා සාපරාධී බියගැන්වීමේ චෝදනාව මත හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධිය දේශපාලනයට මිශ්‍ර නොකළ යුතුයි.
පොරවෙන් කොටන්න ගිහින් තියෙන්නේ හුරතලේට වෙන්ඩ ඇති..
අහසට වෙඩි තියෙනවත් බැරිනම් මොන බම්බුවකටද තුවක්කු? ෂෝ එකට තියාගෙන ඉන්නද?
පුදුම වැඩක් තමයි තමන්ගෙ ඉඩමට බලෙන් ඇවිල්ලා අයිතිකරුට පොරවෙන් ගහන්න ගියාම අහසට වෙඩිතබා ජීවිතය බේරාගැනීම සාපරාධී බියගැන්වීමක් කියන්නෙ ඇයි මෙහෙම ගියොත් රට හොරුන්ට මංකොල්ලකාරයින්ට අයිතිවෙන්න පුළුවන් ඇත්තටම වැරැද්ද අහසට වෙඩිතැබීමද නැත්නම් අනුන්ගේ ඉඩමකට බලෙන් ඇතුලුව අයිතිකරුට පොරොවෙන් කොටන්න යාමද කියලා නොතේරෙන නිසා ඇහුවෙ දන්න කෙනෙක් කියලා දෙන්න
ඇයි නම කියන්න ඔච්චර බය? ඔය මන්ත්‍රී අමුතු සතෙක්ද..?
මොකෝ නම කියන්න බයද. පොල් ගෙඩියක් හොරකම් කරල අහු උනානම් හොරකම් කරපු එකාගෙ පැටිකිරිය ඉදන්ම දාන්නෙ
පෞද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වෙලානම්, පොරවකින් පහරදීමට උත්සාහ කරලත්නම්, හිනිඅවිය නිත්‍යානුකුල එකක්නම්, වෙඩි තියල තියෙන්නෙත් අහසටනම්, මේ මිනිහ කරපු වරද මොකක්ද?
මුන් නම දාන්න දැනටම බයවෙලා..