
(ඩී.ජී.සුගතපාල සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අහුංගල්ල පොලිස් වසමේ වැලිකන්ද ප්‍රදේශයේ කරවල වියලිමේ මධ්‍යස්ථානයක ඉඩමේ කෙසෙල් පඳුරක් යට සඟවා තිබු ක්ලේමෝ බෝම්බයක් අද (13) සවස සොයා ගත් බව ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.
තංගල්ල මුලස්ථාන මුලස්ථාන පොලිස් පරික්ෂක ජයවික්‍රම මහතාට ලැබුන තොරතුරක් අනුව මෙම බෝම්බය සොයාගෙන ඇත.
ඉදිරිපස සතුරාට යනුවෙන් සඳහන් කර ඇති මෙම ක්ලේමෝ බෝම්බය සොයා ගන්නා අවස්ථාවේ එම ස්ථානයේ කිසිවෙකුත් සිට නැත.
මෙම බෝම්බයේ අයිතිකරු බවට හඳුනා ගෙන ඇති කරවල වියලිමේ මධ්‍යස්ථානයේ හිමිකරු වන බෙන්තොට සිංහරූපගම පදිංචි පුද්ගලයා මේ වනවිට විදේශ ගතව ඇති බව අනාවරණයවි ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජි යන අයගේ ගෝලයෙකු බවටත් අනාවරණයවි ඇත.අහුංගල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂන පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බේරා ගැනිමේ අවසාන අවස්ථාව. එන්න ඡන්දය දෙන්න
බෝම්බයේ ඉදිරිපස "සතුරා දෙසට" (Forward to the Enemy) යනුවෙන් සටහන්ව ඇත්නම් අනිවාර්යයෙන්ම එය ආරක්ෂක අංශ සතුවුවක් වියයුතු බවයි මේවගේ දේවල් ගැන දන්නා කියන අය සඳහන් කර ඇත්තේ. හදිසියේ මතුවූ මේ "බෝම්බය" කොස්ගොඩ සුජී නැමැත්තෙකු පිට පටවා මේ හදන්නේ මැතිවරණය කල් තැබීමේ උත්සාහයක මුලාරම්භයක් වෙන්නට බැරිදැයි ඔවුහු ප්‍රශ්න කර සිටිති.
මාලු අල්ලන්නේ ක්ලේමෝ ගහලා වෙන්නැති. ඩීසල් ගනන් නිසා. ඒක නිසා ජනතාව මේ වගේ දේවල් ගැන වැඩිපුර ලතවෙන්නෙ නෑ දැන්.