(සුජිත් හේවාජුලිගේ)

'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව ජුනි මස වැඩිහිටි දීමනාව හෙට (03) බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව පළමු අදියරට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,761 (හය ලක්ෂ විසි එක් දහස් හත්සිය හැට එක) එක් දෙනෙකුට රු.3,108,805,000.00 (තුන්සිය දස කෝටි අසු අටලක්ෂ පන්දාහක) මුදලක් ගිණුම් වෙත බැර  කෙරේ

මේ අතර, දෙවන අදියරට අදාළව අවරුදු 70ට වැඩි වැඩිහිටියන් 76,139 (හැත්තෑ හයදහස් එකසිය තිස් නවය) ක් සඳහා රු.380,695,000.00 (තිස් අටකෝටි හයලක්ෂ අනූපන්දහස) ක මුදලක් ද ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.