(යොහාන් භාසුර)
සමෘද්ධි ප්‍රතිලාභය ලැබිය යුතු පවුලකට අභියාචනා කළ ද නොලැබුණ හොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් ලෙස ඒ සඳහා පෙනී සිටින බවත් ‘අස්වැසුම’ වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සහ ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (26) පැවසීය.
මුදල් ගෙවා ලබාගත් රාජ්‍ය නොවන සංවිධානයකින් ලබාගත් පිරිසක් කළ ‘අස්වැසුම’ ව්‍යාපෘතියේ සමීක්‍ෂණය කළ ආකාරය පිළිබඳව ගැටලුවක් ඇති බවත් අභියාචනය කිරීම සම්බන්ධයෙන් ද ඇතමුන්ට ප්‍රශ්නයක් ඇති වියහැකි බවත් කාරියවසම් මහතා කීය.
ප්‍රතිලාභ ලැබිය යුත්තන්ගේ නම් ඉවත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් සහ සංවිධායකවරුන්ගෙන් ඉතා ප්‍රබල පැමිණි ලැබෙමින් ඇති බව කී කාරියවසම් මහතා පැවසුවේ ‘කොවිඩ්’ වසංගතය කාලයේදී ජනතාවට ප්‍රතිලාභ බෙදාහැරීමේදී පවුල් ඒකක පදනමින් මිස නිවාස ඒකකය යන පදනමට නොයෑමට හේතුව ඇතැම් නිවාසවල පවුල් කීපයක් සිටීම නිසා එය සංකීර්ණ කාර්ණයක් වීම නිසා බවත්ය.
‘අස්වැසුමක්’ කියන්නේ කෙටිකාලින දෙයක් වීම නිසා අස්වැසුමෙන් ඔබ්බට ගොස් ජනතාව සමෘද්ධිමත් කර ප්‍රතිලාභ ලබාදීමට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් සමෘද්ධි ව්‍යාපාර තුළ දිළිඳු ජනතාවට විශාල ප්‍රතිලාභ ලැබීමේ ප්‍රතිඵලයෙන් එම ව්‍යාපාරය ආරම්භ කරන විට සියයට 26 ක්ව පැවැති දුප්පත්කම මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේදී සියයට 7 කට අඩු කළ බවත් කාරියවසම් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ කාලයේ අඩුවෙච්ච දුප්පත් කමක් ගැන නම් දන්නේ නැහැ.සාගර කියනා අයුරින් එසේ උනා නම්,රටේ ජනතාව මල්ලිලා අයියලාව පන්නා දැම්මේ ඇයි ? නිකං විහිළු සපයන්න එපා සාගර. රනිල් නැතිනම් ඔයාලටත් වෙන්නේ නායකයන්ට වෙච්ච දේ මයි.දැන් නිකං නැති හයියක් අරගෙන පිම්බෙන්න හදනවා.ඒවා නිකං විහිළු පමණයි.කොටින්ම කියනවා නම් මේ රටේ ජනතාවට පොහොට්ටුව අරහං. ආයේ ඒකේ දෙකක් නැහැ.
තවත් එපාවෙච්ච චරිතයක්
පොහොට්ටු කාරයෝ එලියට බැස්සොත් කොහොමත් අවි අතට ගනීවි .එම නිසා ඇතුලෙම ඉන්න.දඟලන්නේ නැතුව
මේ අයත් රජයේම ඉඳගෙන දැන් බේගල් කියනවා...
සාමාන්‍යයෙන් පවුල් වර්ග දෙකක් තියෙනවා එකක් න්‍යස්ටික පවුලක් වන අතර අනෙක විස්තෘත පවුල ලෙසට සලකනවා ඉතින් විස්තෘත පවුලේ දරුවෙක් රජයේ රැකියාවක් කරන කොට පවුල් දෙකක් ලෙසට මෙවර අස්වැසුම සකසා තියෙනවා ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන් මේ සාගර ලොක්කා ඇස් පියාගෙන ඉන්නවා කියලා ඉතාමත් පැහැදිලියි අස්වැසුම සමීක්ෂණ කල කණ්ඩායම් නිවාස ෆොටෝ අරගෙන පුද්ගලයා කිළිටි ඇදගෙන ඉන්නවා බලල ඒ අනුව නිර්දේශ කිරීම් අනන්තවත් තිබුනා නමුත් ඔවුන්ට මාසෙට ලක්ෂයක් ඉක්මවා ආදායම් ඇතිබව ජනතාව දන්නවා කොහොම වුනත් සමීක්ෂණ අනුව නම් ඊළඟ වතාවෙත් පොහොට්ටුව උඩින්ම දිනනවා කියලා කියන්න පුළුවන්
සමෘද්ධි දේශපාලනීකරණය වෙලා...
ඇඳන් යට හැංගිච්චි අයට එළියට බහින්න හදාගත්තු අස්වැසුම. අපි රැවටෙන්නම් හා...
මොක වුනත් සහනාධාර ලෙස මුදල් දීම ආබාධිත සහ ආදායම් නැති වැඩිහිටියන්ට එනම් අවුරුදු හැටට වැඩි අයවලුන්ට සීමා විය යුතුයි.තරුණ ආදායම් උපයාගත හැකි වයස් කාණ්ඩ වලට පිනට කන්න දීම නවත්තන්න ඕන....