IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘අස්වැසුම‘ සහන මල්ල අත්හිටුවයි

(සුජිත් හේවාජුලිගේ)


අස්වැසුම  ප්‍රතිලාභීන්ට සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමේ  රජයේ  වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇත.

එම   ආහාර පැකේජය පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළඳ  වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක මෙවැනි කටයුතු වලින් බාධා විය හැකි හෙයින් කොමිසම මෙම තීරණය ගෙන ඇත.

අයවැය යෝජනාවකට අනුව මෙම ආහාර පැකේජය ලබාදීමට තීරණය කෙරුණේ  අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති  අයදුම්කරුවන්  812753 කින්  යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහාය.

රුපියල් 5000ක් වටිනා මෙම  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය  මල්ල   රුපියල් 2500ක සහන මිලකට ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේද  අනුමැතිය හිමිවිය. ඒ අනුව මෙම ආහාර මල්ල පසුගිය 1 සිට  ලබන 13 වැනිදා දක්වා ලංකා සතොස  සහ කෝප් අලෙවිසල් හරහා  බෙදා හැරීමට සැලසුම් කර තිබිණ.

 

 



අදහස් (2)

‘අස්වැසුම‘ සහන මල්ල අත්හිටුවයි

prasanna Friday, 04 April 2025 01:11 PM

මෙම සහන මල්ල එපා. රටපුරා පැතිරී ඇති අපරාධ රැල්ල නවත්තන්න. මෙයාලත් හවුල් වගේ... ඇතැම් පරීක්ෂාවලින් තේරෙනවා.

:       12       22

ගුණරත්න Friday, 04 April 2025 01:13 PM

ගිය ආණ්ඩු කාලේ නම් මේ වගේ ඒවා හරි ඉක්මණින් කෙරුණා, දැන් දවස් 4ක් ගිහින් සෑහෙන පිරිසක් පගාව ගත්තාටත් පස්සේ අස්සයා ගියපු ඉස්තාලේ වගේ නැවැත්තුවා. කාටද මේ විහිලු සපයන්නේ?

:       16       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 377 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site