(අංජුල මහික වීරරත්න)
කිසිවකුට අසාධාරණයක් නොවන ලෙස සහ කිසිවකු අත් නොහැරෙන ලෙස “අස්වැසුම” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.
රජය විසින් නිකුත් කර ඇති නිර්නායක මත කටයුතු කරන ලෙස ද සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ජනාධිපති කාර්යාලය උපදෙස් නිකුත් කර තිබේ.
“අස්වැසුම” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන සඳහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අයදුම්පත්‍ර මිලියන 3.7ක් ලැබී ඇති අතර, සිදු කළ සමීක්ෂණයෙන් පසුව අයදුම්පත් මිලියන 3.3ක් තෝරාගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
මේ අතරින් අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූවන් ලෙස අභියාචනා සහ විරෝධතා දැක්වීම්වලට යටත්ව මිලියන දෙකක නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා එම දත්ත නිරීක්ෂණය කර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමෙන් අනතුරුව සුදුස්සන් තෝරා ගැනීම සිදු කෙරිණි.
අස්වැසුම සුබසාධක වැඩපිළිවෙලේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ප්‍රතිලාභ ලැබිය යුතු නමුත්, මේ වන විට ප්‍රසිද්ධ කර ඇති ලේඛනයේ නම සඳහන් නොවූවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ජූලි 10 වනදා දක්වා අවස්ථාව ලබා දී ඇත.
එසේම සමාජ සුබසාධක ප්‍රතිලාභ නොලැබිය යුතු පාර්ශ්වයන්ගේ විස්තර මේ වන විට ප්‍රසිද්ධ කර ඇති නාම ලේඛනයේ සඳහන් නම් ඒ සම්බන්ධව නිර්නාමිකව හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.
එහිදී අභියාචනා ඉදිරිපත් කිරීම මෙන්ම විරෝධතා දැක්වීම ලිඛිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදීමට හැකියාව ඇත. ඒ සම්බන්ධයෙන් මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කර තිබේ.
අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මහජන ආධාර වැඩසටහන් වන වැඩිහිටි දීමනා ලබන 456,806ක්, වකුගඩු රෝගී දීමනා ලබන 19,496ක්, ආබාධිත දීමනා ලබන 46,857ක් ලෙස 523,159ක් සඳහා දීමනා ගෙවීමට අදාළ නාම ලේඛනය එළැඹෙන සතියේ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.
අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට නොහැකි වූවන් සඳහා මෙන්ම මෙම වැඩසටහනට අලුතින් සම්බන්ධ වීමට අදහස් කරන අයට වාර්ෂිකව අවස්ථාව සලසා දෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලියන 3.3 අතරේ ආදායම් බදු ගෙවීමට අවශ්‍ය පොහොට්ටු සාමාජිකයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපිට පෝරම් පුරවන්න බැරි නිසා තොරතුරු දෙන්න බැහැ...!
අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්න පුද්ගලයින් වයස අවුරුදු 18 - 45 අතර සියලු දෙනාට ( කාන්තා පිරිමි) අස්වැසුම ප්‍රතිලාභ අතරතුර පුහුණුවක් ලබාදී රැකියාවන් වෙත යොමු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතුවේ...
ඇත්තටම අස්වැසුම දෙනකොට තමයි අසාධාරණය තේරෙන්නේ...