(අංජුල මහික වීරරත්න)
අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු දෙනාම ජූලි 10 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේ දී අද(27)පැවසීය.
විවිධ කණ්ඩායම් වල දේශපාලන බලපෑම් වලට හසු නොවී කටයුතු කරන්නැයිද සේමසිංහ මහතා ඉල්ලා සිටියේය.
අභියාචනා ලබාදීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දුරධාන්ත රජය මෙතුවක් කල් දැඩි ප්‍රශ්න වලින් තොරව පැවත එන සමුර්ධි වැඩ පිළිවෙල ඉවක් වෙනස් කරන්න තීරණය කලේ ?මෙයින් පසක් වන්නේ සමුර්ධි වියදම් කප්පාදු කිරීමට රජයේ උවමනාවයි .කෙසේ වෙතත් දැන් නම් තත්වය බෙහෙවින්ම අවුල් ජාලයක් වී අවසන්
වැරදි තොරතුරු දෙන පුද්ගලයන්ට සහ නිසි ලෙස සොයා නොබලා මේවා අනුමත කරන නිලධාරීන්ට වසරක් දක්වා හිර දඬුවම් නියම කරන්න පුළුවන් විදිහට නීති සම්පාදනය කරන්න .සමුර්ධිය අත්‍යවශ්‍ය පුද්ගලයන්ට පමණක් ලැබෙන්න ඕනේ
ඇදන් යට හංගිච්ච එවුන් අස්වැසුම ඉස්සරහට දාගෙන යලි කරලියට . ස්තූතියි අතිගරු තුමනි. දේශපාලකයින් හැම දේටම අත දාපු නිසායි රට බංකොලොත් උනේ... බොරු ප්‍රොෆෙශනල් මූඩ් එකක් මවාගෙන මාධ්‍ය හමු පැවැත්වුවාට අද කාලේ එවුන් ඕවාට රැවටෙන්නේ නෑ.
මේ දීමනාව අසාධාරණයි තොරතුරු ලබාගන්න නිලධාරීන් එනවිට වාහන හංගපු ඇත්ත වසන් කරපු අය අද ආධාර ලඛනවා. පවුලක දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න අය ආධාර ලඛනවා. පවුලක පහක් හයක් හෝ වැඩියෙන් ඉන්න දරුවන් දෙන්නෙක් තුන්දෙනෙක් පාසල් යන ආර්ථික අපහසුතා ඇති අයට මොකුත්ම නෑ.
හරි කණගාටුයි, කබලෙන් ලිපට වැටීම...!
මගේ නම තිබුනේ 8500 එත් මට ලැබෙන්නේ 5000 මට මොනවත් නෑ අනික මං ලෙඩෙක් යාන වාහන තියෙන තට්ටු 2 ගෙවල් තියෙන අයට 15000...!
ගල්වල ගොඩකන්ද, නරාවල පෝද්දල... !
නම තිබේද බැලීමට
නම තියෙනවා ද බැලීමට
2024 අස්වැසුම නම තියේවිද?
නම ඇතුළත්ද කියලා දැනගැනීම...!
අස්වැසුම
මට ලැබුනෙත් නෑ...මායි දරුවයි මහත්තයයි ඉන්නෙ...මහත්තයා කුලී වැඩ කරන්නෙ.....
අපිට ඒ තමයි...
මමයි, දරුවයි, මහත්තයයි ඉන්නේ... මටත් නැහැ... මහත්තයා කුලී වැඩ කරන්නේ...
මමයි, දරුවයි, මහත්තයායි අපිට හරියට ඉන්න තැනක්වත් නැ. අස්වැසුම් වලට ඉල්ලුම් පත්‍ර 5ක් මෙම වෙනකන්ම ගෙවල් පැත්තකටවත් ආවේ නැහැ. ඔවුන්ට එන්න අපි සල්ලි දෙන්න ඕනේද? එදා වේල හිමි කරගන්නෙත් අමාරුවෙන් කුලී වැඩ කරලා ජීවත් වෙන අපට රජයෙන් මොනවද දීලා තියෙන්නේ. හෙන ගහනවා දුප්පත් අපි වගේ මිනිස්සුන්ට කරන අපරාද වලට...!
අපිට අස් වැසුම නැද්ද?
මට බබාලා 2ක් ඉන්නවා. මහත්තයා කුලී වැඩ කරන්නේ. අපේ ගෙවල් බලන්න ආවෙත් නෑ...
අස්වැසුම ප්‍රතිලාභය අපහටත් ලබා දෙන්න .ස්තීර රැකියාවක් නොමැත.
අපිට මුකුත් ප්‍රතිලාභ නෑ. පාසල් යන ළමුන් දෙදෙනෙක් අපිටත් ඉන්නවා.. කිසිම ආධාරයක් අපිට නෑ අපේ රැකියාව වඩු කර්මාන්තය...
අස්වැසුම ඇයි අපි වගේ දුප්පත් අයට දෙන්නේ නැත්තේ .බෙන්තොට ප්‍රාදේශීය එල්කම් කාර්යාලයට අයත්
මට ඕන