(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
වෛද්‍යවරුන් පිරිසක් පස් වැනිදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කර පසුව හත් වැනිදා අඛණ්ඩ වැඩ වර්ජනයක් කිරීමට සැරසෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ වෛද්‍යවරුන්ගේ විරෝධතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලට ඇඟිළි සලකුණු සටහන් කිරීම අනිවාර්ය කරන්න. රෝහලක දොස්තරල 5 ක් ඉන්නවනම් ඉන්නෙ 1 යි. එයාල අමුතු ශිෆ්ට් ක්‍රමයක් හදාගෙන. උදේ 9 ට එනෙ. හවස 2 ට යනවා, ඩයරිය බැලුවාම අවුරුද්දේ දවස් 365 ම උදේ 7 රෑ 7 වැඩ. මහජන සල්ලි නේද මේ හොරට අතිකාල දාල ලක්ෂ ගනන් ගන්නේ. විශේෂඥ දොස්තරලා කොහොමද ඊ චැනලින් සේවාවේ පවා රජයේ රාජකාරි වේලාව තුල පුද්ගලික සේවයේ යෙදෙන්නේ... මෙයාලා ඉල්ලන විදියට දැනටත් ලක්ෂ ගණන් හොරට ගන්න අතිකාල දෙගුණයකට ආසන්න වෙනවා. සහගහන අපරාධ... රටේ ප්ලේන්ටියක් බොන්න සල්ලි නැති මිනිස්සු ඉන්නකොට ඒ මිනිස්සුන්ගේ ප්ලේන්ටියත් බදු ගහලා මෙයාලාට නිකන් උගන්නල රැකියාවේත් අසාධාරණ් විදියට හොර අතිකාල ගන්න එක...
එයාලා ගුරුවරු එළියට දාලා 25,000ක පඩි වැඩි වීමක් ඉල්ලුවේ, රට කොවිඩ් වලින් අන්තෙටම වැටිලා තියෙන වෙලාවේ. රට ඉන්න මිනිස්සුන්ට ලංකාවට සල්ලි එවන්න එපා කිව්වා. හට් ගහගෙන අරගල කළා. හොරකම් කරපු නිසා සල්ලි නැති වුනේ කිව්වා. හොරකම් කරපු සල්ලි උගන්ඩාවට ගෙනියනවා අපි දැක්කා කියලා කිව්වා. කලු පාට වෙසක් කූඩු හැදුවා... තොවිල් කරා. දැන් රෙද්දක් ඇඳගෙනද ඔය කතාව කියන්නේ?
ගිය අවුරුද්දේ මාලිමාවුන් වර්ජනේ කළා. මාස 3ක් එක දිගට කැම්පස් වහගෙන හිටියා. ඒවා සාධාරණ වර්ජනද ඇමැතිතුමෝ?
අපේ මහජනතාවගේ මුදල් වලින් ඉගෙන ගෙන දැන් මහජනතාවගේම රිරී මාංසේ හූරාගෙන කන්න හදන එක්තරා යක්කු කොට්ඨාසයක්. මෙච්චර සාධාරණ විදියට පඩි වැඩි කරලා දීලා, මේ ඉල්ලන ඉල්ලීම් කොච්චර අසාධාරණද? සජිතුත් මේවාට උල් පන්දම් දෙන්නේ එයා ගාවත් මහින්දලා සමඟ හවුලේ හොරා කාපු සල්ලිත් තියෙන නිසා. මේ රට වැටිලා ඉන්න වෙලාවේ ආන්ඩුවට උදව් කරලා ගොඩ දාගෙන අවුරුදු දෙකකින්වත් වැඩිපුර ඉල්ලූවා නම් ඔන්න සාධාරණයි කියන්න පුළුවන්... මේ දොස්තරලාත් හොරු. දැන් හොරා කන්න බැරි නිසා රට වට්ටන්න හදන්නේ. මොවුන්ට හෙනම ගහපන් දෙවියනේ...
මතකද ඕගොල්ලෝ කොවිඩ් අස්සෙත් ගුරුවරු ස්ට්‍රයික් කෙරෙව්වා. රටට ඩොලර් එවන්නත් එපා කිව්වා. කළ කම් පලදෙන කොට අමාරුයි නේද?
කෝවිඩ් නිසා රට වහලා තියෙද්දී ගුරුවරු ,ගොවියෝ , නර්ස්ලා පාරට බස්සගෙන කරපු තිරිසන් වැඩවර්ජන අමතකද මහත්තයෝ? රටට විදේශ විනිමය නැතුව සංචාරකයෝ නැතුව මිනිස්සු පෝළිම්වල ඉද්දී එක ඩොලර් එකක් රටට එවන්න එපා කියලා අසික්කිත දේශපාලනයක් කරපු මිනිස්සු තමුන්ලා..හැබැයි අද වුනත් වෙන දේශාපාලකයෝ ඒ තරම් පහත් තැනකට වැටෙයි කියලා හිතන්න අමාරුයි
කර්මය භූමරංගයක් සේ පැමිණ ඇත...
කමෙන්ට් තීරුවේ දේශපාලන බඩ පිනුම් ගහන්න දඟලන අම්බරුවන් අතර, "කමල් සහ මල්ලිකාගේ" වටිනා අදහස් ඉතාම ගෞරවයෙන් යුතුව අගය කරමි...ලංකාවේ සෞඛ්‍ය සේවය කියන්නේ, තනිකරම දොස්තර මාෆියාවක්. හෙදියන්, රෝහල් සේවකයින් මේ මාෆියාවේ කොටස් කාරයින් පෞද්ගලික රෝහල් මාෆියාව මේ රටින් තුරන් කළ යුතුයි.. රෝගීන් නොමරා මරමින් ඔවුන්ගේ මුදල් සූරාකන පෞද්ගලික රෝහල් නිසි නියාමනයකට ලක්කොට, අයකරන මුදලේ සීමාවන් පැනවීමට නොකඩවා කටයුතු කළ යුතුයි... රජය මේතරම් පැහැදිලිවම වෛද්‍යවරු ඇතුළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකොට තිබියදී කිසිඳු වගකීමකින් තොරව අර "GOMA (ගොමා )"කල්ලිය එයට එරෙහිව වැඩ වර්ජනයක් දියත් කිරීමට සුදානම් වීම සුළුකොට තැකිය යුතු කරුණක් නොවෙයි...මේ වෛද්‍ය ත්‍රස්තවාදයට එරෙහිව රජය මීට වඩා දැඩිව කටයුතු කළ යුතුයි.. ඒ වගේම වැරැදි තොරතුරු සමාජගත කරන පාදඩ ජඩ මාධ්‍ය තහනම් කළ යුතුයි.
මේ උද්දච්ච ඇමැති කතා කරන්නේ කටින්ද? වැඩවර්ජන නමැති තර්ජනාංගුලිය රටට එරෙහිව යෙදවීමේ පියවරු වන කාබාසිනියාකර ජවිපෙය දැන් වර්ජකයින්ගෙන් මේ ඉල්ලා සිටින්නේ මොනවද? කරුමය මාලිමාව ලෙසින් ද පැමිණිය හැකියි... යනුවෙන් රට පුරා දැන් පැතිරී යන කතාව සත්‍යයකි.
දැන් ජෙවිපි එක විපක්ෂේ හිටිය නම් රට පුරා තෙල් පෝලිම්. මිනිස්සු අවුස්සලා පෝලිම් මවලා රටවනසලා ඉවරයි
කරන කලට පව් මිහිරිය මී සේ...!
රටේ හැමදෙනාටම ආදායම මදි. ඒත් ඉවසනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ..
දැං රටේ ආර්ථිකය යහපත් සහ ස්ථාවරයි කියලා කිව්වානේ.. අනේ ආයේමත් ඒක කඩං වැටිලද? අපි දන්නෙම නැහැනේ...
රජයේ රෝහල් වල ඔපරේෂන් කරන්නේ දොස්තර ලගේ අම්මල තාත්තල සහෝදරයෝ . අනිත් අය මැරෙනකම් ලිස්ට් එකේ ඉන්න ඕනේ .
කර්මය කියන්නේ බූමරංගයක් වගේ ආපසු කැරකිලා එන දෙයක් මහත්තයෝ...!
මේ උද්දච්ච ඇමැති කතා කරන්නේ කටින් ද? වැඩවර්ජන නමැති තර්ජනාංගුලිය රටට එරෙහිව යෙදවීමේ පියවරු වන කාබාසිනියාකර ජවිපෙය දැන් වර්ජකයින්ගෙන් මේ ඉල්ලා සිටින්නේ මොනවද? කරුමය මාලිමාව ලෙසින් ද පැමිණිය හැකියි... යනුවෙන් රට පුරා දැන් පැතිරී යන කතාව සත්‍යයකි.
එතකොට ජෙප්පෝ සාධාරණ වැඩ වර්ජනද කරේ? අනේ මේ අය කටින්ද කියන්නේ?
අවුරුදු හැටපහක් තිස්සේ වර්ජන වලින් සහ සන්නද්ධ අරගල වලින් විනාශ වෙච්චි රට තවත් විනාශ කිරීමට උත්සාහ කරන්න එපා.