IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අශෝකගේ ප්‍රකාශයකින් මැතිසබේ ඇවිලෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය සම්බන්ධයෙන්  ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් ඇයට අපහාසයක් වූ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන්  පාර්ලිමේන්තුවේ නොසන්සුන්  තත්වයක් අද (8) පෙරවරුවේ ඇතිවිය.

රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ

මේ තත්ත්වය ඇති වූයේ රොහිණී කුමාරී විජේරත්න මහත්මිය විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පිළිතුරු දෙමින් සිටි අවස්ථාවේදීය.

විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න රැසකට විසඳුම්දී ඇති අවස්ථාවක රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ඒ ගැන සතුටු නොවීම ගැටළුවක් බවත් ඇය සතුටු කරන ආකාරය කෙසේ දැයි තමා නොදන්නා බවත් ඔහු එහිදී කියා සිටියේය.

මෙය ලොකු අපහාසාත්මක ප්‍රකාශයක් බව විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල, මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ සහ චමින්ද විජේසිරි මහත්වරු කෑකෝ ගසමින් මූලාසනයට පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

රෝහිණි කුමාරි මන්ත්‍රීතුමියට වරදක් වෙලා තියෙනවා නම් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කියනවා.අනවශ්‍ය වචන තියනවනම් ඉවත් කරන්න මම නියෝග දීලා තියෙනවා. වරදක් වෙලා තියෙනවා නම් ක්‍රියාමාර්ග ගන්නවා.

කතානායකතුමා ආවම හඬ පටය බලලා තීරණයක් දෙන්නම්. රටේ හැමදෙනාම පාර්ලිමේන්තුව දිහා බලාගෙන ඉන්නවා ඒ නිසා මේක අවලස්සන කරන්න එපා.

(විපක්ෂයේ මන්ත්‍රීවරු කෑකෝ ගසති)

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ඉල්ලා අස්කර ගත යුතු වචන ඔබතුමා එතුමට කියන්න ඕන.  ඔහු මේ අපහාස කළේ පාර්ලිමේන්තුව ඇතුළේ.



අදහස් (9)

අශෝකගේ ප්‍රකාශයකින් මැතිසබේ ඇවිලෙයි

මැක්ස් Wednesday, 08 November 2023 11:12 AM

හිතේ වලත්තකම තියෙන ඕන කෙනෙකුට වෙනත් කෙනෙක් කියන හැම වචනයක්ම ඇහෙන්නේ ඒ විදිහටයි කියනවනේ. මේකට කෑ කෝ ගසන සම හරක් මන්ත්රීලගේ පැටිකිරිය බලන කොට ඒ කතාව ඇත්ත කියල ඔප්පු වෙනවා.

:       13       6

අරවින්ද මොනරවිල Wednesday, 08 November 2023 11:16 AM

මන්ද මානසික පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවලා එතැන දැන් සිරිපිනාගේ මුඩුක්කුව වගෙයි.

:       3       21

ravin Wednesday, 08 November 2023 11:27 AM

රටේ විනය පිරිහිලා කියන එකට තවත් උදාහරණයක්. උත්තරීතර යැයි තියන තැන විනයක් නොමැතිනම් අනිකුත් තැන් ගැන කුමන කතා...

:       1       16

ගමේ එකාලා Wednesday, 08 November 2023 11:29 AM

කිසිම චාරයක් නැති, උගත්කමක්, සුදුසුකමක් නැති එකාලාට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යැවීමේ ප්‍රතිඵල තමා...!

:       0       16

මැක්ස් Wednesday, 08 November 2023 12:20 PM

ඔලුවේ කුණු පුරවා ගෙන ඉන්න අයට ඇහෙන හැම දෙයක්ම කුණු රසය ඇතුව ඇහෙන්නේ. මේ සුද්දවන්ත මන්ත්‍රීලාගේ කතාවේ හැටියට ගෙදරකට "සැනසුම" කියල නම දාන්නත් බෑ!

:       5       5

Nimal Wednesday, 08 November 2023 12:41 PM

ගොම්බානක් පාර් ලිමේන්තු යැව්වම මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...

:       1       6

සත්‍යපාල Wednesday, 08 November 2023 02:55 PM

පොහොට්ටුවේ ඡන්ද දායකයෙක් හැටියට අසෝක ප්‍රියන්ත කියන්නේ සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා විශ්‍රාමික අයෙක් හැටියට කියන්න පුළුවන් පාර්ලිමේන්තුවේ විධිමත් පරීක්ෂණයක් කරනවා නම් විශ්‍රාමිකයින්ට සිදුවන හිංසාවන් පෙන්වා දෙන්න පුළුවන්... අපේ අදහස් නැතත් හිටපු දිසාපති කන්නන්ගර මැතිතුමා ලියපු ලිපියක් මගිනුත් අසෝක ප්‍රියන්තගේ අදහස් දැක්වීම සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් කියන්න පුළුවන්... රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය ඉතාමත් සත්‍ය ප්‍රකාශ කරලා තියෙනවා...

:       1       6

Citizen Wednesday, 08 November 2023 03:43 PM

වෙනස් වෙන්න ඕනෑ 225 වුණත් ඊට කළින් අයින් වෙන්න ඕනේ ඡන්දෙ දෙන මිනිස්සුයි.

:       0       3

චිරන්ත Wednesday, 08 November 2023 08:35 PM

මෙම සිද්ධිය රූපවාහිනී පුවත් මගින් දැක්කා ඇත්තටම රාජ්‍ය ඇමති කෙනෙක් හැටියට එම පුද්ගලයා කෙසේවත් ඇමැති කෙනෙක් හැටියට සුදුසු නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site