(මහින්ද නිශ්ශංක)
වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබු කොළඹ හා අවිස්සාවේල්ල අතර දුම්රිය ධාවනය දින පහකට පසු අද (7) සිට සාමාන්‍ය තත්වයට පත් වූ බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.
පසුගිය දා පැවති අධික වර්ෂාව හේතුවෙන් වග මාබුල ප්‍රදේශයේ දුම්රිය පාලමක් නායයෑමට ලක්වීමෙන් මාර්ගයේ දුම්රිය ධාවනය ඉකුත් 3දා සිට කොළඹ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමා කෙරිණි.
නායයෑමට ලක් වූ දුම්රිය පාලම දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරීන් හා සේවකයන් විසින් අලුත් වැඩියා කිරීමෙන් අනතුරුව අද සිට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කළ බව දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd