(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 ගෝනපොල   කුබුක  බටහිර කුඹුක  වෙල් යායක ඕවිටක් තුළ  සැකකටයුතු ලෙස මිය ගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවූ බව මොරගහහේන පොලිසිය කියයි

 එලෙස මියගොස් ඇත්තේ    ගෝනපල කුඹුක උතුර දූගල වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි  සුභසිංහ මොරවක ආරච්චිගේ කිරුළ චානක  38 හැවිරිදි  අවිවාහක පුද්ගලයෙකි  ඔහු පෙදෙරේරු වෘත්තීයේ යෙදෙන්නෙකි

පෙරේදා 3 සවස එම පුද්ගලයා නිවසින් පිටවී ගොස් තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

ඕවිටේ හිමිකරු පුවක් ඇහිලීම සඳහා ඊයේ 4 ඕවිට වෙත පැමිණි අවස්ථාවේදී මළ සිරුර දැක ඒ බව පොලිසියට දැනුම් දී ඇත