IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


අවුරුද්දට මාළු ගන්න බේරුවලට මහ සෙනඟක්

(තුසිත කුමාර ද සිල්වා)

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මාළු මිලදී ගැනීම සඳහා  බේරුවල ධීවරවරායට අළුයම සිට  අතිවිශාල පාරිභෝගික ජනතාවක් පැමිණි බව බේරුවල ධීවර වරාය කියයි.

මත්ස්‍ය තොග හා සිල්ලර මිලදී ගැනීමට වෙනත් දින වලට වැඩි කාලයක් ධීවර වරාය පරිශ්‍රය විවෘත කර තබන බවත් මෙම දින කීපය තුළ ලක්ෂ 4 ක පමණ පාරිභෝගික ජනතාවක් බේරුවල ධීවරවරාය පරිශ්‍රයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් කීහ.

ධීවර වරායට පිවිසෙන මාර්ගවල දැඩි වාහන තදබදයක් දක්නට තිබූ අතර එම හේතුවෙන් වරායට පැමිණෙන ජනතාවට පිටවීමේ පහසුව තකා විශේෂ පිවිසුම් දොරටුවක් ද විවෘතව තිබූ බව දැකගත හැකි විය.

මසුන් මිල දී ගැනීමට පැමිණි පාරිභෝගික ජනතාවගෙන් කළ විමසීමේදී ඔවුන් පැවසූයේ රජය ඉන්ධන මිල අඩු කරත් එම වාසිය තමන්ට නොලැබෙන බවත් සෑම මත්ස්‍ය කිලෝවක් රුපියල් දහසකට වැඩි මිලකට අලෙවි කරන බැවින් ඒ මිල ගණන්වලට තමන්ටද මසුන් මිල දී ගැනීමට සිදුව ඇති බවත් ය .

මේ අතර කරවල වෙළඳුන් ද සාමාන්‍ය දිනවලට වඩා වැඩි මිලකට කරවල අලෙවි කරන අයුරු දැකගත හැකි වූ අතර කරවල කිලෝවක් රුපියල් එක්දහස් පන්සියයක් දෙදහස් පන්සියයක් වන බව දැකගත හැකි විය.



අදහස් (5)

අවුරුද්දට මාළු ගන්න බේරුවලට මහ සෙනඟක්

himal Tuesday, 11 April 2023 04:09 PM

මාළු කෑල්ලක් නොකෑවොත් මැරෙන සයිස් එකෙන් හිතාගෙන මේ වගේ පොර කකා මාළු ගන්න යනවා නම් කියන ගාණට ගන්නත් වෙනවා. ඒකට රජයටවත් මාළු මුදලාලිට වත් දොස් කියලා වැඩක් නෑ.

:       8       33

චන්දිම ෆොන්සේකාThursday, 13 April 2023 07:05 AM

ඇත්ත තමයි. හතර පෝයට සිල් ගන්න සමහර උපාසක ඇත්තොත් ඉන්නවා දවසක් හරි මාළු කෑල්ලක් නොකා ඉන්නම බැරි. කොහොම හරි ගිහිල්ල ගත්තහම සතුටු වෙන්නේ ෂාහ් අද නම් අළුත් පන ගැහෙන මාළු වලින් තමයි මාළු හම්ඹ වුනේ කියාලා.

:       0       0

Nishan Tuesday, 11 April 2023 06:21 PM

හැමෝම ගන්න යන නිසා රැල්ලට අනිත් අයත් යනවා මාළු ගන්න. ගිහින් කුණු කොල්ලෙට මාළුත් ඉල්ලනවා.

:       3       13

බද්රානි Thursday, 13 April 2023 09:39 PM

අවුරුද්ද පුරාම කරවල හොදියි බතුයි කාලා, සිංහල අවුරුද්දට විතරක් කරදිය මාළු කෑල්ලක් එක්ක බත් කන්න වගේ මේ පෝලිමේ ඉන්නේ.. ඇයි, මිරිදිය මාළු අලජික්ද? නත්තල්, රාමසාන්, දීපවාලී උත්සව වලට නම් ඒ මිනිස්සුන්ට ඕනා තරම් මස් මාළු කන්න තියනවා.. ඔහොම පෝලිම් වල දුක් විඳින්න ඕනත් නැහැ. මෙතන පෝලිම් වල පව් නොගෙවා ගිහින් ඒ මිනිස්සුන්ගෙන් ඉල්ලගෙන කාපල්ලා. ඒ අය කවදාවත් අනෙකාගේ අවශ්‍යතාව ඔවුන්ගේ ඉල්ලමක් කරගන්නේ නැහැ. සිංහල අවුරුදු කන්න කියලා ඉල්ලුවොත්, සුළු ලාභයක් තියාගෙන අඩුවට දෙයි. අර රුපියල් තුන්සීයට වඩා අඩුවෙන් තිබුන කෙසෙල් කිලෝ එක දැන් රුපියල් හයසීය කරගෙන. ඒ අමන වර්ගයේ වෙළෙන්දෝ.. ඒවත්, දුම් ගසා ඉදවපු අමු කෙසෙල්. ඔය කෙසෙල් ගෙඩි අවුරුද්දට මේසය උඩ තිබ්බට කිරි ඉතිරෙන්නේ නැහැ. මම නම්, ඒ කෙසෙල් වර්ජනය කළා. ද්‍රවිඩයින්ගේ හින්දු අවුරුදු උත්සවය මංකොල්ලකාලා අපේ කර ගත්තට ඒ අවුරුද්ද කාලා බීලා ඇඳලා සමරන්නවත් පින නැහැ නේද?

:       1       0

Latha Tuesday, 18 April 2023 09:58 AM

අපි යන්නේ උන්ගේ මාළු ගන්න .උන් ඉන්නේ අපේ මාළු කන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 306 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site