
(තුසිත කුමාර ද සිල්වා)
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මාළු මිලදී ගැනීම සඳහා බේරුවල ධීවරවරායට අළුයම සිට අතිවිශාල පාරිභෝගික ජනතාවක් පැමිණි බව බේරුවල ධීවර වරාය කියයි.
මත්ස්‍ය තොග හා සිල්ලර මිලදී ගැනීමට වෙනත් දින වලට වැඩි කාලයක් ධීවර වරාය පරිශ්‍රය විවෘත කර තබන බවත් මෙම දින කීපය තුළ ලක්ෂ 4 ක පමණ පාරිභෝගික ජනතාවක් බේරුවල ධීවරවරාය පරිශ්‍රයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් කීහ.
ධීවර වරායට පිවිසෙන මාර්ගවල දැඩි වාහන තදබදයක් දක්නට තිබූ අතර එම හේතුවෙන් වරායට පැමිණෙන ජනතාවට පිටවීමේ පහසුව තකා විශේෂ පිවිසුම් දොරටුවක් ද විවෘතව තිබූ බව දැකගත හැකි විය.
මසුන් මිල දී ගැනීමට පැමිණි පාරිභෝගික ජනතාවගෙන් කළ විමසීමේදී ඔවුන් පැවසූයේ රජය ඉන්ධන මිල අඩු කරත් එම වාසිය තමන්ට නොලැබෙන බවත් සෑම මත්ස්‍ය කිලෝවක් රුපියල් දහසකට වැඩි මිලකට අලෙවි කරන බැවින් ඒ මිල ගණන්වලට තමන්ටද මසුන් මිල දී ගැනීමට සිදුව ඇති බවත් ය .
මේ අතර කරවල වෙළඳුන් ද සාමාන්‍ය දිනවලට වඩා වැඩි මිලකට කරවල අලෙවි කරන අයුරු දැකගත හැකි වූ අතර කරවල කිලෝවක් රුපියල් එක්දහස් පන්සියයක් දෙදහස් පන්සියයක් වන බව දැකගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාළු කෑල්ලක් නොකෑවොත් මැරෙන සයිස් එකෙන් හිතාගෙන මේ වගේ පොර කකා මාළු ගන්න යනවා නම් කියන ගාණට ගන්නත් වෙනවා. ඒකට රජයටවත් මාළු මුදලාලිට වත් දොස් කියලා වැඩක් නෑ.
හැමෝම ගන්න යන නිසා රැල්ලට අනිත් අයත් යනවා මාළු ගන්න. ගිහින් කුණු කොල්ලෙට මාළුත් ඉල්ලනවා.
අවුරුද්ද පුරාම කරවල හොදියි බතුයි කාලා, සිංහල අවුරුද්දට විතරක් කරදිය මාළු කෑල්ලක් එක්ක බත් කන්න වගේ මේ පෝලිමේ ඉන්නේ.. ඇයි, මිරිදිය මාළු අලජික්ද? නත්තල්, රාමසාන්, දීපවාලී උත්සව වලට නම් ඒ මිනිස්සුන්ට ඕනා තරම් මස් මාළු කන්න තියනවා.. ඔහොම පෝලිම් වල දුක් විඳින්න ඕනත් නැහැ. මෙතන පෝලිම් වල පව් නොගෙවා ගිහින් ඒ මිනිස්සුන්ගෙන් ඉල්ලගෙන කාපල්ලා. ඒ අය කවදාවත් අනෙකාගේ අවශ්‍යතාව ඔවුන්ගේ ඉල්ලමක් කරගන්නේ නැහැ. සිංහල අවුරුදු කන්න කියලා ඉල්ලුවොත්, සුළු ලාභයක් තියාගෙන අඩුවට දෙයි. අර රුපියල් තුන්සීයට වඩා අඩුවෙන් තිබුන කෙසෙල් කිලෝ එක දැන් රුපියල් හයසීය කරගෙන. ඒ අමන වර්ගයේ වෙළෙන්දෝ.. ඒවත්, දුම් ගසා ඉදවපු අමු කෙසෙල්. ඔය කෙසෙල් ගෙඩි අවුරුද්දට මේසය උඩ තිබ්බට කිරි ඉතිරෙන්නේ නැහැ. මම නම්, ඒ කෙසෙල් වර්ජනය කළා. ද්‍රවිඩයින්ගේ හින්දු අවුරුදු උත්සවය මංකොල්ලකාලා අපේ කර ගත්තට ඒ අවුරුද්ද කාලා බීලා ඇඳලා සමරන්නවත් පින නැහැ නේද?
අපි යන්නේ උන්ගේ මාළු ගන්න .උන් ඉන්නේ අපේ මාළු කන්න