IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අවුරුද්දට දුන් සහල් බෙදා නෑ:දැන් කන්න බෑ

(සිතුම් චතුරංග)

වවුනියාව, කූමාන්කුලම ග්‍රාම නිළධාරි කාර්යාලය තුළ තිබි බෙදාහැරීමට සූදානම් කොට තිබූ මිනිස් ආහාරයට නුසුදුසු හාල් කිලෝ 4860 සොයාගත් බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම් ලාභී පවුල් සඳහා නොමිළයේ බෙදාහැරීමට ලබාදී තිබූ සහල් තොගයක් මෙසේ සොයාගත් බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය‍ෙ

කිලෝ 10 බැගින් වු උර 486 ක් එහි තිබි හමුවු බවත්, අදාළ හාල් තොගය භාවිතයට ගත නොහැකි ලෙස ගුල්ලෝ සහ පණුවන් ගසා තිබු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීහු පැවසූහ.

රජය මඟින් ක්‍රියාත්මක වැඩසටහන් යටතේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර අඩු ආදායම්ලාභී පවුල් වෙත කිලෝ දහය බැගින් මෙම සහල් ලබාදීමට ග්‍රාම නිලධාරිවරයා වෙත ලබාදී ඇතත් මාස ගණනක් පරිසරයට නිරාවරණයවී තිබිම හේතුවෙන් සහල් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්ව ඇතැයි සහල් පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවැසූහ.

 



අදහස් (1)

අවුරුද්දට දුන් සහල් බෙදා නෑ:දැන් කන්න බෑ

Nandalal DE SILVA - France Monday, 29 May 2023 02:27 PM

මේ වගෙ අමන වැඩක් කර අසරනයන්ගෙ බඩට ගසා රජය ආර්තික අපහසු තාවයකට පත් කල මෙ "ග්‍රාම සුකරය" වහාම ක්‍රියත්මක වන පරිදි වැටුප් රහිතව රැකියාවෙන් දොට්ට දමා විශාල දඩයක් ගැසිය යුතුවෙනව. මූට රජයේ රැකියාවක් මින් ඉදිරියට ලබා නොදිය යුතුය....

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1070 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site