
( මහින්ද නිශ්ශංක )
අළුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් අද (17) වනවිට මගී පැමිණිලි 190 ක් පමණ ලැබී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
මින් අන්තර් පළාත් (දුර ගමන්) පෞද්ගලික බස්රථ පිළිබඳව මහජන පැමිණිලි 165 ක්ද පළාත් අතර බස් සේවා සම්බන්ධයෙන් පැමිණිලි 25 ක්ද වෙතැයි කොමිෂම සදහන් කරයි.
මීට අමතරව අවුරුදු සමයේ තාවකාලික බලපත්‍ර නිකුත් කල පෞද්ගලික බස්රථ පිළිබඳව පැමිණිලි 03 ක් සහ වෙනත් පැමිණිලි 14 ක් මේ වනවිට ලැබී ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි
පසුගිය 09 දා සිට ලබන 21 දක්වා අවුරුදු බස්රථ සේවා ක්‍රියාත්මක කෙරෙන බවත් සදහන් කරන කොමිෂන් සභාව ලැබෙන මහජන පැමිණිලි පිළිබඳව විමර්ශන කටයුතු ලබන 21 න් පසුව ආරම්භ කරන බව පවසයි.
අවුරුදු සේවා පෞද්ගලික බස්රථ සම්බන්ධයෙන් මගීන්ට 1955 ට තවදුරටත් පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුරුදු සේවා බස් රථ ගැන මගී පැමිණිලි 190 ක්
Kamal Koyrala Thursday, 17 April 2025 01:07 PM
ගැමුණු ගැමුණු එන්න එන්න ලංකාව හොල්ලන්න