
(රෝෂන් තුෂාර)
රහස් පොලිසිය රුපියල් කෝටි 30ක කපප්මක් ඉල්ලා සිටියේ යැයි චෝදනා එල්ල කරමින් අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලන අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරුගේ ඉල්ලීම ලබන 18 සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය අද(13) දන්වා සිටියාය.
සැකකාර තාඹුගල මහතා විශේෂ මෝෂමක් ඉදිරිපත් කරමින් ඊයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථානාධිපතිවරයා පෙනී නොසිටි හෙයින් මෙසේ දින නියම කළේය.
හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් (කෝටි හතක්) වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරි තාඹුගල සැකකරු රහස් පොලිස් නිලධාරීන් තමාගෙන් රුපියල් කෝටි 30ක මුදලක් ඉල්ලා සිටි බවට සදහන් කරමින් කප්පම් චෝදනාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ හමුවේ පසුගිය 27 දින කරුණු ඉදිරිපත් කළේය .
සැකකාර තාබුගල මහතා සිය නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් මෙම චෝදනාව ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කෝම හොරු වුණාම කවුරු ඇත්ත කියනවාද කියලා හිතා ගන්න බැරි වෙනවා
පොලිස් ඇමති සහ දේශබන්දු පස්සයි, අමුඩෙයි වගේ ඇත්ත වෙන්න පුළුවන්, මෙයාව විශ්වාස කරන්න බැරි වුණත්..!