
(උපාලි ආනන්ද)
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් තාඔුගල මහතා තමන් එලෙස උපයා ගත් ධනය සමහර දේශපාලඥයන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් කොල්ලකෑවේ යැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය හමුවේ පැවසීය.
සමහර දේශපාලඥයින් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් තමාගේ ධනය කොල්ලකෑ බව ඔප්පු කිරීමට ඔඩියෝ සහ වීඩියෝ සාක්කි තමා සතුව ඇතැයි විවෘත අධිකරණයේදී පැවසු විරන්ජිත් තාඔුගල මහතා මේවා සිහියට නැඟෙන විට සියදිවි නසා ගැනීමට තමාට සිතුණු බවත් පැවසීය.
පොලිසියය බාරව සිටි අමාත්‍ය ටිරාන් අලස් මහතා කළ ඉල්ලීමකට අනුව සෑම පොලිස්ථානයකටම සීසීටීවී කැමරා මට අයත් අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස් මඟින් සවි කර දීමට කැමති වුවත් මෙම ව්‍යාපෘති සඳහා වැය වන සියළු මුදල් ඔහුගේ අතට දෙන්නැයි කියා ටිරාන් අලස් මහතාගේ කීමට මා එකඟ නොවීම නිසා ඔහු සහ පොලිසියය මා සමඟ අමනාප වුයේ යැයිද කීය.
නීති විරෝධී ආකරයෙන් වත්කම් උපයා ගෙන ඇතැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරික්ණ දෙපාර්තමෙන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් විරන්ජිත් තාඔුගල මහතා එසේ පැවසීය.
නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ මෙහෙයවීම යටතේ ස්වේඡාවෙන් වාඩිදුරටත් ප්‍රකාශය කළ අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඔුගල මහතා මෙසේද පැවසීය.
ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහත්තයාගේ පුතා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ මන්ත්‍රී පාලිත රංගේ බංඩාරගේ බෑණා වන නීතිඥ එරංග වැලිඅංගේ යන මහත්වරු දෙන්නා දවසක් මා හමුවෙන්න ඇවිත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔයාට විරුද්ධව රහස් පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇති බව මට කිව්වා.
‘එම විමර්ශන හරියට කළොත් ලලිත් කොතලාවලට වගේ ඔයාටත් හිරේ යන්න වෙයි කියලත්, ඔයාගේ වත්කම් අත්හිටුවයි කියලත්’ එයාලා මට කිව්වා මෙම විමර්ශනය නවතා ගන්න නම් රහස් පොලිසියේ ඉහල නිලධාරීන්ට යම් මුදලක් දෙන්න වෙයි කියා ඔවුන් මට කිව්වා.
වත්කම් සම්බන්ධයෙන් මට විරුද්ධව පැවැත්වෙන විමර්ශනය නවත්වන්න නම් රුපියල් කෝටි තිහක මුදලක් තමන්ට ඕනේ කියා එවකට රහස් පොලිසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ ලක්සිරි ගීතාල් නමැත්තන් මට කිව්වා.
පසුව මා ඔවුන් සමඟ කතා කර රුපියල් කෝටි තිහේ කප්පම් මුදල රුපියල් කෝටි දොලහ දක්වා අඩු කර ගත්තා. තවදුරටත් කත කර කෝටි දොලහේ කප්පම් මුදල කෝටි පහ දක්වා අඩු කර ගෙන එම රුපියල් කෝටි පහක මුදල ඔවුන්ට දීමට මා එකඟ වුණා. මා පොරොන්දු වූ කෝටි පහේ මුදලින් රුපියල් කෝටි දෙකක මුදලක් මා ඔවුන්ට දුන්නා. ඊට අමතරව රහස් පොලිසියේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් රාජකරුණටත් තවත් රුපියල් කෝටි දෙකහාමාරක මුදලක් මා දුන්නා. මේ මුදල් දුන් බව තහවරු කිරීමට අවශ්‍ය ඔඩියෝ සහ වීඩියෝ සාක්ෂි මෙන්ම වෙනත් සාක්සි රැසක් මා ලඟ තියෙනවා.
විශාල මූල්‍යමය වත්කම් ප්‍රමාණයක් මා සතුව තියෙනවා. එම මුදල් ප්‍රමාණයන් කොපමණද කියා හරියටයම මේ වෙලාවේ කියන්න මට බැහැ. මා ලග දැනට තියෙන මූල්‍යමය වත්කම් වලින් මෙරට ණය මුදලින් අඩක් ගෙවා නිම කරන්න මට පුලූවන්. මේ වත්කම් සියල්ල මා විදෙස් රට වලින් නීත්‍යානූකූලව උපයා ගත් ඒවා. ඒ බව ඔප්පු කිරීමේ හැකියාව මට තිබෙනවා. මෙම මුදල් මා මෙරටදී උපයා ගත් මුදල් නෙමේ. ඒ සියල්ල විදේශ රට වලින් උපයා ගත් ඒවා. දැනටත් විදෙස් රට වලින් මා නිත්‍යානුකූලව මුදල් උපයා ගනිමින් සිටිනවා.
මා සතුව ඇති නිත්‍යානූකූල මෙම වත්කම්වලට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව මේ වන විට විවිධ අභූත චෝදනා නගමින් විවිධ බලපෑම් සහ හිරිහැර කරමින් ඉන්නවා. මගේ ඇතැම් බැංකු ගිණුම් පවා අත්හිටුවා තිබෙනවා. කිසිඳු පදනමක් නොමැතිව මෙලෙස දිගින් දිගටම ද්වේශ සහගතව කරන කෙනෙහිලිකම්, බලපෑම් මෙනම හිරිහැර සිහියට නැගෙන විට සිය දිවි නසා ගැනීමට මට සිතෙන වාර අනන්තයි. මහජන අරක්ෂාව බාර අමාත්‍යවරයාව සිටි ටිරාන් අලස් මහතා ඇමතිවරයා වශයෙන් සිටියදී මගෙන් ඉල්ලීමක් කලා ලංකාවේ පොලිස්ථාන අලූත්වැඩියා කර දෙන්න කියලා. ඊට එකඟ වු මා ඒ සඳහා එස්ටිමේට් එකක් ඉල්ලූවා. ඊට අමතරව සෑම පොලි්ස්ථානයකටම සීසීටීවී කැමරා එක ගානේ සවි කර දෙන්න මා පොරොන්දු වුණා. මේ සියල්ල මට අයත් ‘අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස්’ මගින් කර දෙන්නම් කියා මා අමාත්‍ය ටිරාන් අලස් මහතාට කිව්වා. ඒත් ඔහු ඒකට අකමැති වුණා. මෙම ව්‍යාපෘති සඳහා වැය වන සියළු මුදල් එයාගේ අතට දෙන්න කියා ඔහු මට කිව්වා. ඒත් මම ඒකට එකඟ වුණේ නැහැ.
එතැන් සිටි ටිරාන් අලස් මහතා මා ගැන වෛරයෙන් කටයුතු කලා. රහස් පොලිසියේ නීති විරෝධී දේපල හා වත්කම් විමර්ශන කොට්ඨසයේ නිලධාරීන් රුපියල් කෝටි 30ක මුදලක් කප්පම් වශයෙන් මගෙන් ඉල්ලීමත් එම කප්පම් මුදල් වලින් කොටසක් ඔවුන් ලබා ගැනීමත් තහවුරු කිරීමට අවශ්‍ය සියළු සාක්සි මා සතුව තිබෙනවා.
රහස් පොලිසියේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගෙන් කප්පම් ඉල්ලීමත් කප්පම් ගැනීමත් යන සිද්ධීන්වලට අදාළ සාක්සි එක්රැස් කර ගැනීමට ඒ.එස්.පී. මහනාම මහතාගේ සහය මා ලබාගත්තා. එලෙස සහය ලබා ගත් දිනයේ සිට රහස් පොලිසිය ඒ.එස්.පී. මහනාම මහතාට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහු පස්සේ පන්නනවා. ඒ.එස්.පී. මහනාම මහතාගෙන් පළි ගන්න උත්සහ කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිරාන්, සුදු කොන්ඩයෝ ...පේනවානේද තමුසෙගෙ වැඩ කිඩ ? මගේ අම්මෝ උඹට තියෙන නඩු ...හිරේ යන්න ලැහැස්තිවෙයන්.හිරේ යන්න ලැජ්ජානම් දෙහිවල සත්තු වත්තේ වානරයින්ගේ හිස් කුඩු වගයක් තියෙනවාලු ..හැබැයි අමු හෙළුවෙන්.
මේ රට කෑවේ දේශපාලකයින් පමණක් නොවෙයි හරි හරියට රජයේ ඇතැම් සේවකයිනුත් ඊට දායක වුනු බව තහවුරු කෙරෙන තවත් කතාවක් තමයි මේ කියවෙන්නේ . නමුත් මේ කතාව කොතෙක් දුරට සත්‍ය දැයි දන්නේ නැහැ. රට හදන්න නම් ඉස්සර වෙලාම පොලිසිස්ය සුද්දකල යුතුයි .
මෙයා බබා දැන්. මුකුත්ම දන්නේ නෑ...
ඔබතුමා මිනිස්සුන්ට මාස ගණන් කන්න දන්සැල් දීපු පිනම ඇති. ඕකුන්ට සතපහක් දෙන්න එපා, තුන් වේල පිරිමහගන්න බැරි දුප්පත් පවුල් කීයක් ඉන්නවාද රටේ..?
මුන් එල්ලල මරන්න ඕන කාලකන්නි
කෙහෙළිය එලියට Alles ඇතුලට . වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණ අවසන් වන තුරු රිමාන්ඩ් භාරයේ තබන්න
VFS වීසා මගඩිය, පොලිස් කැමරා මගඩිය ගැන හිතුවහම යුක්තිය මෙහෙයුම ගැනත් බරපතල සැකයක් මතුවෙනවා. තමුන්ගේ පාතාලයා රජ කරවන්න අනික් උන්ව නැතිකරලා දාන්න කරපු දෙයක්ද කියලා
එඩ්තරව , නොබියව ඔය ලෙසම පල කරන්න ..!!
ඉන්න හිතෙන රටක්... සිරි ලංකාවේ දේශපාලන කෙරුවාව. තුහ් නොදකින්...!
ලස්සනයි පිටපත... අලස් කොහොමත් තක්කඩි හොරෙක් කියලා දන්නා මිනිස්සු දන්නවා. තාඹුගල කියන්නේ ඒ වගේම හොර මගඩිකාරයෙක් කියලාත් දන්නවා. ඒක හින්දා මේ දෙන්නාටම වෙන වෙනම නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. විජයදාස රාජපක්ෂලා කියන්නේත්, වැලි අංගෙලා කියන්නේත් එක එක පැතිවලට පැනලා තමන්ගේ වාසියට ගේම ගහන සුදුකරපටි හොරු කියලා මේ රටේ මිනිස්සුන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ. දැන් වෙන්න ඕනේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙන එක විතරයි. අනුර කුමාරව මේ රටේ මිනිස්සු ජනාධිපති කරන්න ඡන්දේ දුන්නේ අන්න ඒ නීතිය සාධාරණ විදියට ක්‍රියාත්මක කරවන තැනට රට හදන්න කියන අමතක නොකර වැඩ කළානම් හොඳයි.
මූ මොකටද කප්පම් දෙන්න ගියෙ, තමුන්ගෙ වරදක් නැත්නම් කාටවත් බයවෙලා වැරදි වහගන්න කප්පම් දෙන්න ඕනෙ නැහැනේ , තමුන්ගෙ වත්කම් නීත්‍යානුකූල නම් ඇයි ඒව ගැන හොයද්දි ඒවා ගැන හොයන එක වලක්වන්න කප්පම් දෙන්න හදන්නේ, එක බොරුවක් වහන්න තව බොරු දාහක් විතර කියන්න වෙනවා, මූ රට වටේ ලයිට් දාල ශෝ තියලා නාස්ති කරපු සල්ලි වල හැටියට වැදගත් ව්‍යාපෘතිය ට ආයොජනය කලා නම් මේ වෙනකොට මිනිස්සු කීයකට රස්සා ලැබිලද , මිනිස්සු කී දෙනෙක් ජීවත් වෙනවද ? ඒත් නැත්නම් ගෙවල් නැති මිනිසුන්ට ගෙවල් ටිකක් හරි ,පාසල් වලට උදව්වක් හරි අඩුම ගානේ , දරුවන්ට පාසල් උපකරණ් හරි කොච්චර නම් අරන් දෙන්න තිබ්බද/ මූ ගහපු පදේකුත් නැහැ ,බොරු කයියවිතරයි, මෝඩ නූගත් මනුස්සයෙක් ට සල්ලි ලැබුනා ම හැසිරෙන හැටි මුගෙන් පේනව, මුට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ,
වහාම මෙය පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස අනුර ජනපතිගෙන් තදින්ම ඉල්ලමු. අල්ලස් ගත් හා ගන්න උත්සාහ කළ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්න. අවුරා ලංකා සභාපතිවරයා ආරක්ෂා කර ඔහුගෙන් රටට වැඩක් ගන්න...!
මොහු ඇමරිකාවේ කළ රැකියාව කුමක්ද? ඇමරිකාවට සංක්‍රමණය වුයේ කුමන වසරේද..? ඒ තරම් අති විශාල මුදලක් ලංකාවට රැගෙන ආවේ නීත්‍යානුකුල කුමන මාර්ගයෙන්ද..? අනික තමයි කළු සල්ලි සුදු කරන ජාවාරමේදී අදාළ පාර්ශවයන්ට කප්පම් දීම කළ යුතුයි. මේ පුද්ගලයා ආසියාවේ ප්‍රබලම හොර කල්ලිය විසින් මෙහෙයවන ඉත්තෙක් පමණයි. මොහුව විශේෂ සිරගත කොට මොහු සතුව පවතින සියලුම වත්කම් රාජසන්තක කළ යුතුයි. ඒ සියලුම වත්කම් ජනතාවගෙන් හොරා කෑ බදු මුදල් බව කරුණාවෙන් සලකන්න..
විදෙස් රටවලින් නිත්‍යානුකුලව මුදල් ඉපයූ හැටි සහ දැනටමත් උපයන ආකාරය හෙළි කල යුතුය. අහල තින විදිහට මොහු රාජන්ගනේ කඩෙ වසා හිරේ ගොස් අව්රුදු කිහිපයකින් කෝටි පතියෙකු වෙලා එලියට එන්නේ.
බලන් ගියාම පොලීසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අය නීති විරෝධීව උපයාගත් ධනය ගැන විමර්ශනයක් කරන්න වෙලානේ දැන්. කවුද ඒ විමර්ශනට සුදුසු...?
මෙයා ඇමෙරිකාවේ කිසිම රස්සාවක් කළේ නෑ. කෝටිපති වෝල්ටර් දොස්තර මහත්තයාව අන්දලා කෝටි ගණනක් මුදල්වලට විද්දා...!
විරන්ජිත් තාඹුගල මහත්තයෝ ,එහෙම නීති විරෝධී වත්කම් ඔහේ රැස් කොට නොමැති නම් ඇයි එයැයි ට ඔහොම කප්පම් දුන්නේ ? කෙසේ හෝ ඔහේට එරෙහිව එයැයි නෛතික කටයුත්තක් කොරල තිබෙනවා නම් ඒක උසාවිය ඉදිරියේ බේරා ගන්න . මින් මත්තට ඔහේට එවැනි කිසිම බලපෑමක් වෙන්නේ නෑ . ඔහේ මෙහේ ණය ගෙවන්න ඕඕනත් නෑ . හැබැයි ඉතින් ඔහේට කොරනවා නම් රට වෙනුවෙන් කොරන්ඩ වැඩ තියෙනවා . ඔහේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එක්ක සාකච්ඡා කොරල ඔහේට ආයෝජනය කොරන්ඩ ඇහැකි ව්‍යාපෘති කිහිපයක් තෝරා ගමු , කිසිම කෙනෙකුට කප්පම් දෙන්න ඕන නෑ . වැඩ පටන් ගන්න විතරයි තියෙන්නේ . ඔහේට අවශ්‍ය යටිතල පහසුකම් එහෙම තවදුරටත් දියුණු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් අපිට ඒක කොරල දෙන්න පුලුවන් . ඔහේ ගෙ ඔය ධධනස්කන්දය ඔහේට රිසි සේ ආයෝජනය කොරල , ලාභ ලබා ආණ්ඩුවට ආදායම් බදු ගෙවල කොරගෙන යන්න විතරයි තියෙන්නේ . ඔහේට කිසිම අනවශ්‍ය බලපෑමක් වෙන්නේ නෑ ඕන් .....
මම දන්නා අන්දමට අමු හොරු... හොරාකාපු සල්ලි තමයි පරිහරණය කරන්නේ...