
(අංජුල මහික වීරරත්න)
සේවකයන්ගේ ජාතික අවම වේතනය පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර ඇත.
ඒ අනුව, පහත සඳහන් පරිදි ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාල අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
2025-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500/- සිට රුපියල් 27,000/- දක්වා රුපියල් 9,500/- කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීම.
2025 -04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික චේතනය රුපියල් 700/- සිට රුපියල් 1,080/- දක්වා රුපියල් 380/- කින් ඉහළ නැංවීම එම යෝජනා වේ.
2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27,000/- සිට රුපියල් 30,000/- දක්වා රුපියල් 3,000/- කින් ජාතික අවම මාසික චේතනය ඉහළ නැංවීම.
2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික චේතනය රුපියල් 1,080/- සිට රුපියල් 1,200/- දක්වා රුපියල් 120/- කින් ඉහළ නැංවීම එම යෝජනා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේතන වැඩි කරන මෙන්ම විශමතා නැතිව කලට වේලාවට ඉදිරියට යන වෙවේතන ක්‍රමයක් ඇති කරන්න රජය විසින් සේවකයන් වැටුප් විශමතා කියා පාරට බස්සන්නේ නැතිව, වැඩීවීම් මෙන්ම මහජන සේවාවත් අකුරටම ඉටු විය යුතුයි . මේ රජයේ මුදල් නොවේ මහාජනතාවගේ බදු මුදල්."