IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අවතැන් වූවන්ට ගෙවල් හදන්න මැති ඇමැතිවරු මේසන් හැන්ද අතට ගනී

(සමන් පාලිත නානායක්කාර)

නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රමදාන වැඩසටහනකට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා ද මේසන් හැන්ද හා මනිස් ලෑල්ල අතට ගෙන බිත්ති බැදීමේ නිරත විය.

හල්දුම්මුල්ල කබරගල ප්‍රදේශයේදී නාය යාමෙන් විපතට පත්ව වසර දෙකකට අධික කාලයක සිට කඳවුරු ගතව ජීවත්වන පවුල් 50 ක් වෙනුවෙන් නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ කරමින් මෙම ශ්‍රමදාන වැඩසටහන පැවැත්විණි.

එක් පවුලක් සඳහා රුපියල් ලක්ෂ තිස් දෙකක මුදල් ආධාර හා පර්චස් දහයක ඉඩමක් ලබාදීම මත නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවින්ද්‍ර බණ්ඩාර, කිට්නම් සෙල්වරාජ්, අම්බිගා සැමුවෙල් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති ජගත් රාජපක්ෂ ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ ප්‍රියංගිකා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද සහභාගී වූහ. ශ්‍රී ලංකා යුධ හමුදාව මෙහි ඉදිකිරීම් දායකත්වය දරයි.



අදහස් (2)

අවතැන් වූවන්ට ගෙවල් හදන්න මැති ඇමැතිවරු මේසන් හැන්ද අතට ගනී

ගුණරත්න Sunday, 29 June 2025 11:50 AM

ඇමැති කියන්නේ පොලිසි මේකර්, ඒ කියන්නේ ප්‍රතිපත්ති හදන හාදයා, අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඇමැතිලා මේසන් හැන්ද මනිස් ලෑල්ල අරන් මේසන් වැඩ කරන එකද මේසන් වැඩ කරන ඔවුන්ගේ හෝ ඔවුන්ට ඒ වැඩ පවරන අය, වැලි ගොඩ දාන අය හෝ ඒ විදියට සමාජේ යම් වැඩ කොටසක් කරන අයගේ ජීවිත හොඳ අතට පත්කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති ගෙනෙන එකද?

:       4       2

සෙනෙවිරත්න Monday, 30 June 2025 03:33 AM

ඒකද තමුන්ල මලගෙදර ගිය එකා බජාර් කරපු එවුන් හොඳයි කිව්වෙ? දැක්කෙ නැද්ද මෙතන ශ්‍රමදාන කතාවක්, සංකේතයක් ලෙස තමන් ටික වෙලාවක් වැඩ කරන එක නරකද? මේවයින් ගසා කාපු අයට දැන් කහඹිලිය ගෑවුන වගේ

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site