
(මදුශානි අබේසිංහ)
පොළොන්නරුව අරලගංවිල රත්මැල්තැන්න ප්‍රදේශයේ නිවසකට අද ( 04) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවසේ බිත්තියකට යට වී අවුරුදු පහක දැරියක් මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ අරලගංවිල රත්මල්තැන්න අංක180 ලිපිනයේ පදිංචිව සිටි ආර්.ඩී.සෙනිලි දිනෙත්මා යන පෙර පාසල් අධ්‍යාපන ලබන දැරියකි.
වන අලියාගේ ශබ්ධය ඇසී දැරිය සමඟ නිදා සිටි මව විදුලි ලාම්පුව දැල්වීමට යන අතර තුර බිත්තිය දැරියගේ හිසට වැටි සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන අරගෙන පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd