(සුජිත් හේවාජුලිගේ)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්  පිළිබඳ කොමිෂන් සභාවේ ඉදිරියේදී ඇතිවීමට නියමිත සාමාජික පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් අයගෙන් අයදුම්පත් සහ නාමයෝජනා කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව  පියවර ගෙන  අැත

මේ  සම්බන්ධයෙන්  වන නිල දැන්වීම්  ජාතික පුවත්පත්වලද පළ කර ඇත.

අල්ලස් කොමිසමේ සාමාජික ධුරයක පුරප්පාඩුවක්  2027 ජනවාරි 01  වැනිදා සිට ඇතිවීමට නියමිත  හෙයින් ඊට අයදුම්පත්  කැඳවනු ලැබේ.

අයදුම්කරුවන් නීතිය, අපරාධ විමර්ශනය, වෝහාරික විගණනය හෝ ගිණුම්කරණය, ඉංජිනේරු විද්‍යාව, ජාත්‍යන්තර සම්බන්ධතා, මහජන කටයුතු කළමනාකරණය හෝ රාජ්‍ය පරිපාලනය යන ක්ෂේත්‍රයකින් ප්‍රවීණත්වය, විශිෂ්ටත්වය සහ අවම වශයෙන් වසර 20ක  පළපුරුද්දක් සහිත අය විය යුතුය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ පුරප්පාඩු ඇතිවන්නේ 2026 දෙසැම්බර් 09 වැනිදා සිටය. ඒ සඳහා සාමාජිකයෝ  පස් දෙනෙක්  තෝරා ගැනෙති.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජ සංවිධාන  නියෝජිතයින් තිදෙනෙකු නම් කළ යුතු අතර, ඉතිරි ධුර දෙක සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම් ලත් ඕනෑම පුද්ගලයෙකුට  ඊට සෘජුවම අයදුම් කළ හැකිය.

මෙම කොමිෂන් සභා  සඳහා අදාළ අයදුම්පත් සහ නාමයෝජනා ආකෘති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙන්  (www.parliament.lk) ලබා  ලබාගත හැකියි.

නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2026 ඔක්තෝබර් 16 වැනිදා හෝ ඊට පෙර, “ආණ්ඩුක්‍ක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩ බලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය. එසේ නොමැති නම් [email protected] යන විද්‍යුත් ලිපිනයටද අයදුම්පත් යොමු කළ හැකිය.