(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරයා දෙනවා යැයි ප්‍රකාශ කළ ඉන්ධන සහනය ලැබී ඇත්තේ  ඉන්ධන ගෙන්වන සමාගම් වලට යැයි සමගි ජනබලවේගයේ  ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කොළඹදී  පැවසීය.

තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 140 කට මිලදී ගත්තත් වරායට ගොඩබාන ඩීසල් ලීටරයක් රුපියල් 350 කට වඩා වැඩි නොවන බවද අත්තනායක මහතා සඳහන් කළේය.  

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේපැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.