(ගයාන් සූරිය ආරච්චි)

යාපනය ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් හැට හත් ලක්ෂ තිස් හත්දහස් පන්සීයක් වටිනා පවුම් 19 1/2 ක් සොරා ගත් බව කියන ලාංකික කාන්තාවක් සහ ඉන්දියන් ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් සහ 21 සහ 23 හැවිරිදි ඉන්දියාවේ තමිල් නාඩුවේ පදිංචි ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකි.

යාපනය අයිය අයියනාර් කෝවිල ප්‍රදේශයේ නිවසක සැකකාර ඉන්දියානු ජාතිකයන් දෙදෙනා තවත් ඉන්දියානු ජාතිකයන් පිරිසක් සමඟ කුලී පදනම වැඳී සිට ඇත.

පසුව එම සැකකාර ඉන්දියානු ජාතිකයන් දෙදෙනා මෙරට පදිංචි කාන්තාවක්ද සමග එක්ව එම නිවසේ පදිංචි කාන්තාවට අයත් රන් බඩු සොරාගෙන ඇති බව පොලිසියපවසයි.

එම නිවසේ පදිංචි කාන්තාව විසින් යාපනය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සැකකාර ඉන්දියානු ජාතිකයන් දෙදෙනා සහ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.