(ගයාන් සූරියආරච්චි)

වාහනයක් අසාදු ලේඛනයෙන් ඉවත් කර වාර්තාවක් ලබාදීම සදහා රුපියල් 80,000 ක අල්ලසක් ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගලිගමුව, බෝයගම ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්ඩංගුවට ගෙන තිබේ.

අල්ලස් ලෙස ඉල්ලූ මුදල් ලබාදීම සදහා පැමිණිලිකරු සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට ගිය අවස්ථාවේදී එම මුදල් ලබාගැනීමට එම අමාත්‍යංශය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයට සැකකරු පැමිණ එම මුදල් ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.