IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අල්ලස් හෝ දූෂණ විමර්ශන අයි.පී. ටෙලි නිලියට හදි කරන්න හදලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනප්‍රිය රංගන ශිල්පිනියකට ත්‍රී රෝද රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

සැකකරු අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරන්නෙක් බව පොලිසිය කියයි.

එම සිද්ධියෙන් රංගන ශිල්පිනියගේ දන හිස්වලට තුවාල සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

රංගන ශිල්පිනිය කුලී ගමන් පහසුකම් සපයන ප්‍රසිද්ධ සමාගමකින් අන්තර්ජාලය ඔස්සේ ත්‍රිරෝද රථයක් කටුබැද්දේ සිට ඇනවුම්කර තිබූ බව පොලිසිය සඳහන් කරයි .

එහිදී පැමිණ තිබූ තීරෝද රථයට ගොඩ වූ ඇය නුගේගොඩ දක්වා යන ලෙස තීරෝද රථ රියදුරට පවසා තිබූ අතර ඔහු කටුබැද්දේ සිට පිළියන්දල හරහා ජාලියගොඩට දෙසට යමින් සිටියදී පවතින අධික වර්ෂාව හේතුවෙන් යාමට නොහැකි බව පවසා ත්‍රී රෝද රථය නවතා ඇතැයි පොලිසිය කියයි .

අනතුරුව රියදුරු ලෙස කටයුතු කළ සැකකාර පොලිස් පරීක්ෂකවරයා එකවරම තීරෝද රථයේ රංගන ශිල්පිනිය අසුන්ගෙන සිටි පිටුපසු අසුනට පැමිණ ඇයගේ පපු ප්‍රදේශය ඇල්ලීමට උත්සාහ කිරීමත් සමගම ඇය ඔහු සමග පොරබදා තීරෝද රථයෙන් බිමට පැන ඇතැයි පොලිසිය කියයි.

ඒ වන විට රංගන ශිල්පිනියගේ හැඳුනුම්පත බැංකු කාඩ් පත මුදල් ඇතුළු තවත් වටිනා ලිපි ලේඛන ඇතුළත් අත් බෑගයද  අසුනේ තිබී ඇති අතර සැකකරු ඒවත් රැගෙන පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකාර පොලිස් පරීක්ෂකවරයාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී තමන් ඒවා රැගෙන නොගිය බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

ත්‍රී රෝද රථයෙන් බිමට පැනිමෙන් රංගන ශිල්පිනියගේ දණ හිස්වලට තුවාල සිදුවී ඇත.

සැකකරු රංගන ශිල්පිනිය සමග ගමන ආරම්භ කිරිම සටහන්ව ඇති කටුබැද්ද ප්‍රදේශයේ බවට හා ඔහු එම කුලී ගමන අවසන් කර ඇත්තේ කළුබෝවිල පැපිලියාන ප්‍රදේශයෙන් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා රංගන ශිල්පිනියට අතවර කිරීමට යොදාගත් තීරෝද රථයද සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (2)

අල්ලස් හෝ දූෂණ විමර්ශන අයි.පී. ටෙලි නිලියට හදි කරන්න හදලා

Lalla Tuesday, 09 January 2024 07:33 AM

ඉස්සර පොලිසිය හමුදාව වගේ තැන්වල රැකියාවලට ගත්තේ පවුල් පසුබිම සොයල. ඒත් දැන් මන්ත්‍රීලගේ පස්ස ලෙවකන එවුන්ට පත්වීම් දෙනව. ඒවයේ විපාකය තමා මේ.....

:       1       2

Bamunuarachchi Wednesday, 10 January 2024 03:57 AM

ටෙලි නිලියක් කියලා දැනගත්තාම කව්රුත් හිතන්නේ එක විදිහට. අයි පී කියලා රහත් වෙලායැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site