IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අල්ලස් ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යගේ දඬුවම තහවුරු කරයි

(මනෝප්‍රිය ගුණසේකර)

පුත්‍රයාට විදුබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000/-ක දඩයක් නියම කරමින් කොළඹ මහාධිකරණය නියම කළ නියෝගය සහ දඬුවම් අභියාචනාධිකරණය අද (05) තහවුරු කළේය.

අදාළ චෝදනාවන්ට තමන් වරදකරු කරමින් කොළඹ මහාධිකරණය නියම කළ නියෝගය සහ දඬුවම් ඉවත දමන්නැයි ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතා ගොනු කළ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කල අභියාචනාධිකරණය කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියම කළ නියෝගය සහ දඬුවම් තහවුරු කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් සහ පී කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2007 නෙවැම්බර් මස පළමුවැනිදාත් දෙසැම්බර් 26 වැනිදාත් අතර කාලයේ අම්පාරයේදී විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව බවසා ජී. පුංචිනෝනා නැමැත්තියගෙන් රපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබිණි.

එම නඩුව විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනාවන්ට ඔහු වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000/-ක දඩයක් නියම කළේය.

එම මහාධිකරණ තීන්දුවට එරෙහිව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතා ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකොන් මහතාගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

වෘත්තියෙන් නීතිඥයකුද වන පෙත්සම්කාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා 2007 වසරේදී පුත්‍රයාට විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදීමේ පොරොන්දුව මත කාන්තාවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා භාර ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර අභියාචකයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා තිබු චෝදනාවන්ට ඔහු වරදකරු කළ මහාධිකකරණ විනිසුරුවරයා ඔහුට නියම කළ දඬුවමට එරෙහිව මෙම අභියාචනය ගොනු කර තිබිණී.

පැමිණිල්ලේ සාක්ෂි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වි නොමැති බවත් විත්තියේ සාක්කි නිසි ආකාරයට ඇගයීමට ලක්කර නොමැති බවත් තමන් වරදකරු කරමින් මහාධිකරණය දුන් තීන්දුව දෝෂ සහිත බව සඳහන් කරමින් අදාල තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලමින් පෙත්සම්කරු මෙම අභියාචනය ගොනු කර තිබුණත් පැමිලේ සාක්ෂි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වි නොමැති බවට විත්තිකාර අභියාචක ඉදිරිපත් කළ තර්කය පිළිගත නොහැකි බව පෙත්සම නිශශ්ප්‍රභ කරමින් අභියාචනාධිකණය නිකුක් කළ තීන්දුවේ සඳහන් වේ.

ඉදිරිපත් වු සාක්ෂිවල පරස්පරතා මහාධිකරණ විනිසුරුවරයා විසින් අදාළ ඉතා පැහැදිලිව විශ්ලේෂණය කර ඇති බව අභියාචනාධිකරණයේ මතය බව තීන්දුවේ  සඳහන් කළ විනිසුරු මඩුල්ල මෙම තත්වය අනුව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළ තීන්දුව වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවද තීන්දුවේ සඳහන් කළේය.

ඒ අනුව අභියාචනය නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය මහාධිකරණ තීන්දුව අනුමත කළේය.

වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය.



අදහස් (0)

අල්ලස් ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යගේ දඬුවම තහවුරු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site