
(කේ බුද්ධික කුමාරසිරි)
පනාගොඩ ප්‍රදේශයේ වෙළදසලක සේවය කරන සේවකයන් පස් දෙනකු අර්ථසාධක අරමුදලට සම්බන්ධ නොකර වෙළදසැල පවත්වාගෙන යාම සදහා එම ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ හතරක අල්ලසක් ඉල්ලා එයින් අත්තිකාරම් ලෙස රුපියල් පනස් දහසක මුදලක් ලබා ගත් කම්කරු දෙපාර්තුමේන්තුවේ කේෂ්ත්‍ර නිළධාරියකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
එම වෙළදසලෙහි සේවකයන් පස් දෙනා වෙනුවෙන් අර්ථසාධක අරමුදලට රුපියල් ලක්ෂ 11ක මුදලක් ගෙවීමට සිදුවන බවත් එම මුදල නොගෙවා සිටීම සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීම වෙනුවෙන් මෙලෙස රුපියල් ලක්ෂ හතරක මුදලක් ඉල්ලා ඇති බවද පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ නවගමුව රණාල ප්‍රදේශයේ පදිංචිකරුවකු කම්කරු දෙපාර්තුමේන්තුවේ කේෂ්ත්‍ර නිළධාරියකු බව කියන 54 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අවුරුදු කීපයකින් පැන්ෂන් යන්න ඉන්න කෙනෙක්...!